එම්පයර් සඟරාවේ විශිෂ්ට නළුවන් 50 දෙනා අතරට ශාරුක්ගේ නමත්…

87

ලොව විශිෂ්ටතම සිනමා සඟරාවක් වන එම්පයර් සඟරාව මගින් සර්ව කාලීන විශිෂ්ට නළු නිළීයන් පනස් දෙනා නම්කර තිබෙන අතර මේ නාම ලේඛනයට ඇතුළත් එකම ඉන්දියානු තරුව වී ඇත්තේ ශාරුක් ඛාන්ය. ටොම් හෑන්ක්ස්, මාලන් බ්‍රැන්ඩෝ, රොබට් ඩී. නිරෝ, ටොම් කෲස්, හීත් ලෙජර්, ලියනාඩෝ ඩිකැප්රියෝ, ඩෙන්සල් වොෂිංටන් වැනි නළුවන් අතර ශාරුක්ද සිටී.

උදා වූ නව වසර ශාරුක්ට අභියෝගාත්මක වසරක් වී තිබේ. 2018 වසරේ තිරගත වූ සීරෝ සිනමාපටයට පසු ශාරුක් ප්‍රේක්ෂකයන්ට මේ වසරේදී නරඹන්නට ලැබෙන්නේ පතන් සිනමා පටයෙනි. පතන් සිනමා පටයේ ශාරුක් සහ දීපිකා පදුකෝන් රඟන ගීතයක් සමාජ ජාලාවලට එක් කිරීමත් සමග ඔවුන් දෙදෙනාගේ ඇඳුම් පිළිබඳව විවිධ මතවාද මේ වන විට ගොඩනැගෙමින් පවතී. පසුගිය දිනවල ඔවුන් දෙදෙනාගේ රුව සහිත පඹයන්ද නිර්මාණය කර ගිනිතබා ඇත. ඇතැම් දේශපාලනඥයන් පතන් චිත්‍රපටය තමන්ගේ ප්‍රාන්තයේ තිරගත කිරීමට ඉඩ නොදෙන බවට තර්ජනය කර තිබේ. කෙසේ වෙතත් ශාරුක් ඛාන් මේ රංගනයත් සමග තමන්ගේ රංගන ජීවිතයේ ප්‍රබෝධයක් ඇති වූ බව පවසා ඇත. පතන් සිනමා නිර්මාණය එළැඹෙන 25 වැනිදා සිට ලොවපුරා තිරගතවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment