එම්බප්පේට බර තනතුරක්

298

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ නායකත්වය කයිලාන් එම්බප්පේ ට හිමි වී ඇත.

ඒ වන විට ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ නායකත්වය දැරූ හියුගෝ ලොරිස් පසුගිය ජනවාරි මාසයේදී කණ්ඩායමෙන් ඉවත් වූයේය. ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ නායකත්වය ඒ අනුව ම්බප්පේ ට හිමි විය යුතු බව බොහෝ දෙනා අදහස් දක්වා තිබූ අතර එම අදහස් නිවැරදි බව පෙන්වමින් ම්බප්පේ නායකත්වයට පත් වී ඇත. ප්‍රංශ පාපන්දු සම්මේලනය මේ බව සනාථ කළ බව විදෙස් වාර්තාවල දැක්වෙන අතර පුහුණුකරු ඩිඩියර් ඩෙෂාම්ප් ද ඒ බව තහවුරු කර තිබුණි. හිටපු නායක ලොරිස් යටතේ ප්‍රංශ කණ්ඩායම පිට පිට දෙවරක් පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගවලට ක්‍රීඩා කොට එක් වතාවක් ලෝක ශූරතාවය ජයග්‍රහණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment