එයාර්ටෙල් ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ සේවා ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා BOI සමගින් අඛණ්ඩව ආයෝජනය කරයි

126

මෙරට වේගයෙන්ම වර්ධනය වන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම විදුලි සංදේශ සේවා ජාල සහ තොරතුරු තාක්ෂණ පද්ධති පුළුල් කිරීමට හා ප්‍රශස්ත කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් සහ ජාතික විදුලි සංදේශ සේවා ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා වන විදේශ මුදල් ආයෝජන ඍජුවම මෙහෙයවනු ලබන තවත් සන්ධිස්ථානමය ගිවිසුමකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟින් පසුගියදා එළැඹුණි.

ඒ අනුව, ඉදිරි වසර දෙක තුළදී, එයාර්ටෙල් විසින් සිය නවතම ආයෝජනයන් සිය ජාලයේ අමතර වැඩිදියුණු කිරීම් සඳහා යොමු කරනු ඇති අතර දිවයින පුරා විසිර ඇති 2G සහ 4G සේවාවන් තවත් ශක්තිමත් කිරීම සඳහා වන සැලකිය යුතු software වැඩිදියුණු කිරීම් සඳහා ද යොදා ගනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ “2007 දී ශ්‍රී ලංකාව තුළ අපගේ මෙහෙයුම් ආරම්භ කළ දා සිට ජාත්‍යන්තර මට්ටමේ ජාල අත්දැකීමක් ලබා දීම සඳහා වන වැඩිදියුණු කිරීම්වලට එයාර්ටෙල් අඛණ්ඩව ආයෝජනය කර තිබෙනවා. අප ගනු ලැබූ මෙම සියලුම ප්‍රයත්නයන් තුළින් අද වන විට මිලියන තුනක ශ්‍රී ලාංකික ජනතාවක් සම්බන්ධ කරගැනීමට අපට හැකියාව ලබා දී තිබෙනවා. මීට අමතරව සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 2,000 කට වැඩි සංඛ්‍යාවක් ලබා දීමට අප කටයුතු කර තිබෙන අතර අපගේ පුළුල් බෙදාහැරීමේ ජාලය හරහා තවත් ශ්‍රී ලාංකිකයන් 65,000 කට ජීවත් වීමට ආදායම් උත්පාදනය කර දී තිබෙනවා-” යනුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment