එයාර්ටෙල් Whatsapp හරහා 1926 NIMH මානසික සෞඛ්‍ය උපකාරක සේවාව වෙත සම්බන්ධ වීමට පහසුකම් සලසයි

176
NIMH, නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය අරෝෂ විජේවික්‍රම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් - සෞඛ්‍ය සේවා, වෛද්‍ය සුනිල් ද අල්විස්, සෞඛ්‍ය අමාත්‍යාංශය, ලේකම්, ජනක එස්- චන්ද්‍රගුප්ත, එයාර්ටෙල් ලංකා, ප්‍රධාන විධායක නිළධාරී/කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා, NIMH, අධ්‍යක්ෂ, වෛද්‍ය ධම්මිකා විජේසිංහ, NIMH, ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වෙති.

ශ්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනපියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා ජාතික මානසික සෞඛ්‍ය ආයතනය (NIMH) සමඟ එක්ව Whatsapp හරහා 1926 මානසික සෞඛ්‍ය උපකාරක සේවාව වෙත සම්බන්ධ වීමේ පහසුකම් පුළුල් කරන බව නිවේදනය කළේය.

මානසික සෞඛ්‍ය යහපැවැත්ම උදෙසා සහය අවශ්‍ය ඕනෑම අයෙකුට හෝ ඒ සඳහා මැදිහත්වීමක් අවශ්‍ය ඕනෑම අයෙකුට දැන් 075 555 1926 ඔස්සේ Whatsapp හරහා NIMH හි මානසික සෞඛ්‍ය උපකාරක සේවාව වෙත සම්බන්ධ විය හැක.

“කොරෝනා වසංගත කාලයේ පැවති lock down තත්වය නිසා මිනිසුන් හුදකලා වුණා. එය මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටළු වැඩි වීමට හේතු වී තිබෙනවා. එබැවින් Whatsapp වැනි අපට සමීප මාර්ගයන් භාවිතයෙන් මානසික සෞඛ්‍ය යහපැවැත්ම නඟාසිටුවීම කාලීන අවශ්‍යතාවයක්. දුරකතන මාර්ග හරහා සංනිවේදනය කර තම ගැටළු වලට පිළියම් ලබාගැනිමට තරුණ ප්‍රජාව ද කැමැත්තක් ඵල කරනවා.”

“Whatsapp පණිවිඩ සේවාව ඇත්තෙන්ම හොඳ විසඳුමක් වන අතර විශේෂයෙන්ම සිය මානසික සෞඛ්‍යය ගැටළු වලට පිළියම් සොයන තරුණ තරුණියන්ට අපි වෙත පැමිණ හෝ අපි සමඟ කතාබහ කරනවා වෙනුවට මෙම පණිවිඩ සේවාව භාවිතා කිරීම වඩාත් පහසු වෙනවා. ඔවුන් වෙත උපරිම සේවාවක් සැලසීම වෙනුවෙන් ගන්නා වූ අපගේ උත්සාහයට සහාය වීම ගැන අපි එයාර්ටෙල් කණ්ඩායමට කෘතඥ වෙනවා.” යනුවෙන් NIMH ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය පැවසුවාය.

2020 ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව දියත්කල කෙටි පණිවිඩ සේවාව මඟින් ගැටළුකාරී මානසික සෞඛ්‍යය හේතුවෙන් අභියෝගවලට මුහුණ දෙන බොහෝ පුද්ගලයන්ට සහය දැක්වීමට, සැනසීම ලබාදීමට සහ මගපෙන්වීම සැපයීමට අමතරව ජීවිත 100කට අධික ප්‍රමාණයක් ජීවත් කර වීමට උපකාරී වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment