එරික්සන් සිහි කරමින් විනාඩියකට තරගය නතර කරයි

203

 යුරෝ 2020 පාපන්දු තරගාවලියේ තරගයක් අතරතුර හෘදයාබාධයක් හේතුවෙන් කී‍්‍රඩාංගණය මත සිහිසුන්ව ඇදවැටුණු ඩෙන්මාර්ක් කණ්ඩායමේ කී‍්‍රඩක කි‍්‍රස්ටියන් එරික්සන් සිහි කරමින් ඔහුට ඉක්මන් සුවය පැතීමට පෙරේදා (17 වැනිදා) පැවැති තරගයේදී කටයුතු කර ඇත.
 
 ඩෙන්මාර්කය සහ බෙල්ජියම අතර පෙරේදා පැවැති එම තරගයේ 10 වැනි මිනිත්තුවේදී තරගය මදකට නතර කර අත්පොළසන් දීමට දෙපිලේ කී‍්‍රඩිකයෝ, විනිසුරුවරු සහ පේ‍්‍රක්ෂකයෝ කටයුතු කළහ.
 
 ඩෙන්මාර්ක් කී‍්‍රඩක කි‍්‍රස්ටියන් එරික්සන් පාපන්දු කී‍්‍රඩාව සඳහා යොදාගන්නා ටීෂර්ටයේ සඳහන් අංකය අංක 10 වීම හේතුවෙන් තරගයේ 10 වැනි මිනිත්තුව ඒ සඳහා යොදා ගෙන ඇත.
 
 කි‍්‍රස්ටියන් එරික්සන් මේ තරගාවලිය යටතේ සිය කණ්ඩායම මුහුණදුන් පළමු තරගය වූ බෙල්ජියම සමග පැවැති තරගයේදී අනතුරට ලක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment