එල්ටිටීඊ ය යුද අපරාධ කළ බව හේග් අධිකරණයේදී පිළිගනියි…

1311

සාක්කිකරුවන් 200ක් හිටපු කොටි

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ස්කොට්ලන්තයේ එඩින්බර්ග් නුවරට සම්ප‍්‍රාප්ත වීමට පෙර බි‍්‍රතාන්‍ය සහ ස්කොට් විදේශ කටයුතු ආයාතනවලින් එම සංචාරයට අදාළ සියලූ තොරතුරු බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාවට ලැබී තිබුණි.

එසේම ශ‍්‍රී ලංකා ජනපතිවරයා නතර වී සිටින්නේ ඩුන්ඞ්ලන්හි ඩබල්ටි‍්‍ර හිල්ටන් හෝටලයේ බවට දැක්වෙන තොරතුරුද කොටි හිතවාදීන්ට කල්තියා තොරතුරු ලැබුණි. මේ නිසා ලන්ඩන් නුවර සිට හිටපු කොටි 150කට අධික පිරිසක් බස් රථ කිහිපයකින් ග්ලාස්ගෝ නුවරට පැමිණියහ.

මොවුන් ශ‍්‍රී ලංකාවේ 2/3ක් අයිති ඊළාම් ජනතාවට බව දැක්වෙන සිතියම සහිත ටී ෂර්ට් ඇඳ තිබුණි. බි‍්‍රතාන්‍ය තුළ කොටි සංවිධානය තහනම් වූවත් කොටි ධජ ග්ලාස්ගෝ නුවර ප‍්‍රදර්ශනය විය.

මේ පසුබිම මැද ජනපති රාජපක්‍ෂ නතරවී සිටි ඩබල්ටි‍්‍ර හිල්ටන් හෝටල් සංකීර්ණයට එම කොටි හිතවාදීහු පැමිණියහ. හෝටලයේ ගේට්ටුව අවහිර කිරීමට ලන්ඩන් නුවර සිට පැමිණි කොටි කි‍්‍රයාකළ අතර පොලිසිය ඔවුන්ව විසුරුවා හැරියේ නැත. රාජ්‍ය නායකයකුට ආරක්‍ෂාව සැලසීම ස්කොට් රජයේ වගකීමකි. එහෙත් බෙදුම්වාදී නිකොලා ස්ටෘජන් රජය තම වගකීම පැහැර හරිනු ලැබීය.

මේ තත්ත්වය මත අතිරේක පොලිස්භට පිරිසගේ රැකවරණ මැද ජනපති රාජපක්‍ෂ රැගත් මෝටර් රිය හෝටලයේ සිට පිටවීමට සිදුවිය.

කොටි හිතවාදීන්ගේ මේ දීන කි‍්‍රයාදාමය ග්ලාස්ගෝ නුවර සිටින ශ‍්‍රී ලාංකිකයකු විසින් විමර්ශනය කරනු ලැබීය.

ගෝඨාභය රැගත් රථය හෝටලයේ සිට ඉදිරියට එන අවස්ථාවේ දෙපස සිටි කොටි හිතවාදීහු මාරවේෂයෙන් අත්අඩංගුවට ගනු අත්අඩංගුවට ගනු යැයි හඬ නැඟූහ. එසේම ස්කොට් පොලිස් භටයන් අමතා මේ යන්නේ සමූල ඝාතකයෙක් යයි පවසනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට පැමිණි අනිකුත් කිසිම රාජ්‍ය නායකයකුට මෙවන් තත්ත්වයකට මුහුණදීමට සිදුවූයේ නැත.

ගෝඨාභය නතර වී සිටි හෝටලය වැටලීමට පැමිණි කොටි හිතවාදීන් සතුව අවි ආයුධ තිබේදැයි විමර්ශනය කිරීමට ස්කොට්ලන්ඞ්යාඞ් පොලිසිය, එම් අයි 5 බුද්ධි සේවාව පවා කි‍්‍රයාකර නොතිබුණි. මේ හැර ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවා කොටි හිතවාදීන්ගේ මෙවැනි කි‍්‍රයාදාමයක් සිදුවනු ඇතැයි ජනපතිට අනතුරු ඇඟවීමක් කර තිබුණේ නැත.

එවන් අයහපත් තත්ත්වයක් මත ශ‍්‍රී ලංකා ජනපතිවරයා ඉලක්කකර කොටි කි‍්‍රයාකාරකම් සිදුවූවානම් වගකීම ගන්නේ කවුද?

එම කි‍්‍රයාකාරකම් මෙසේය.

  1. එකවර කොටි හිතවාදීන් විශාල පිරිසක් ජනපති රැගත් රියට කඩා පැනීම.
  2. මේ කඩා පැනීමට හිටපු කොටි ලන්ඩනයේ සිට පැමිණීම.
  3. ජනපති රැගත් රියට ආර් පී ජී වැනි අවියකින් ප‍්‍රහාර එල්ල කිරීම

4 අයර්ලන්තයේ අයි ආර් ඒ සංවිධානය සතුව ඇති අවියක් ලබා ගැනීමේ හැකියාව.

කොටිඩයස්පෝරාව සතුව අතිවිශාල මුදල් සම්භාරයක් ඇති නිසා ඕනෑම අවියක් මිලයට ගැනීමේ ඉඩකඩ තිබේ. එහෙත් අපේ මහ කොමසාරිස් කාර්යායේ බලධාරීන් එවැනි කි‍්‍රයාමාර්ග සිදුවීමට ඉඩ ඇතැයි නොසිතුවේ මන්ද? ප‍්‍රංශයේ හිටපු ජනපති ඩිගෝල් ඝාතනය කිරීමට ජැකල් නමින් හඳුන්වන අපරාධකරුවා උත්සාහ කළේද මේ අයුරිනි.

එසේම බි‍්‍රතාන්‍යයේ කුලී මිනිමරුවන් ඇත. එවන් කුලී මිනිවරුවකුගේ සේවය ලබාගැනීමට කොටිඩයස්පෝරාව කි‍්‍රයාකළේ නම් බිහිසුණු තත්ත්වයක් ඇතිවනු නියතය.

මෙලෙස ශ‍්‍රී ලංකා ජනාධිපති කම්මුතු කරන්නා යැයි හඳුන්වමින් ස්කොට්ලන්ත දේශපාලනඥයන් පවා තමන්ට පක්‍ෂව කටයුතු කරලීම සඳහා ලන්ඩන් නුවර ටැමිල් කෝඩිනේටින් කමිටි නැමැති සංවිධානය වියහියදම් දරා තිබේ. මේ අතර කොටිඩයස්පෝරාව ග්ලාස්ගෝ කොටි මෙහෙයුමට අමතරව ජනපති ඇතුළු පොලිස් – ත‍්‍රස්ත මර්දන සහ රහස් පොලිස් නිලධාරීන් 15ක් නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයට යොමු කිරීම සඳහා පිටු 51 ක පැමිණිල්ලක් එම අධිකරණයේ තම නඩු අධ්‍යක්‍ෂ කරීම් ඛාන් වෙත යොමුකර තිබේ. මොහු බි‍්‍රතාන්‍ය ජාතිකයෙකි.

මෙම පැමිණිල්ලට වධහිංසාවලට ලක්වූ බව දක්වන හිටපු කොටි කි‍්‍රයාකාරීහු 200 ක් සම්බන්ධ වී ඇත.

එම කොටි සමූහය වෙනුවෙන් පැමිණිල්ල ගොනුකර ඇත්තේ නෙදර්ලන්තයේ රාජ්‍ය නොවන සංවිධානයක් වූ ග්ලෝබල් රයිට්ස් කම්පලයින්ස් නැමැති ආයතනයයි.

එම පැමිණිල්ලේ සඳහන්කර ඇති නම් මෙසේය.

හිටපු පොලිස්පතිවරු, පී ආනන්ද රාජා, චන්ද්‍රා ප‍්‍රනාන්දු, විකටර් පෙරේරා, ජයන්ත වික‍්‍රමරත්න, එන්. ඉලංගකෝන්, පූජිත් ජයසුන්දර, සී. ඞී. වික‍්‍රමරත්න,

විශේෂ කාර්ය බළකායේ ප‍්‍රධානීන් මෙසේය.

නිමල් ලෙව්කේ, කේ. එම්. සරත්චන්ද්‍ර, එම්. සී රණවක, කේ. ඒ. ආර්. පෙරේරා, එම්. ආර්. ලතීෆ්

ත‍්‍රස්ත මර්දන ඒකකය සහ රහස් පොලිසිය

නිමල් වාකිෂ්ඨ, සිසිර මෙන්ඩිස්,

ආරක්‍ෂක අමාත්‍යාංශය—මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

යුද හමුදාව – ජගත් ජයසූරිය

රෝම සම්මුතියේ 15 වන වගන්තිය යටතේ මෙම කොටි හිතවාදීහු 200ක් පිරිස නඩුව ගොනුකර ඇතැයි ජාත්‍යන්තර අධිකරණය වෙත ඉදිරිපත් කළ බව පැමිණිලිකරුවන් තවදුරටත් සඳහන්කර ඇත.

එහෙත් පැමිණිලිකරුවන් කවුදැයි අනාවරණයකර නැත. ජනපති ගෝඨාභය රාජපක්‍ෂට එරෙහි පැමිණිල්ලේ තවදුරටත් මෙලෙස දක්වා ඇත.

ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 17 දක්වා පැවැත්වෙන ජගත් දේශගුණික සමුළුවට සහභාගිවීම සඳහා ගෝඨාභය රාජපක්‍ෂ ග්ලාස්ගෝ නුවරට පැමිණෙයි.

දහස් ගණනක් ද්‍රවිඩ ආධාරකරුවන් හෝ කොටි සාමාජිකයන් පැහැර ගැනීම් සහ නීතිවිරෝධීව රඳවා ගැනීම් සහ වධහිංසාවලට ලක්කර ඇත.

එසේම ශ‍්‍රී ලංකාවේ සහ බි‍්‍රතාන්‍යයේ සිටින ද්‍රවිඩයන් කාන්තාවන් සහ ළමුන්ට එරෙහිව බරපතළ අපරාධ සිදුකර තිබේ. බි‍්‍රතාන්‍ය රජය ජාත්‍යන්තර අධිකරණයට හෙවත් රෝම සම්මුතියට එකඟ වී ඇති බව කිවයුතුය. එසේම විශ්වඅධිකරණ සම්මුතියටද බි‍්‍රතාන්‍ය අනුමැතිය දී තිබේ. බි‍්‍රතාන්‍යයේ සිටින 200 ක් වූ විපතට පත්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියි මේ පිළිබඳව බි‍්‍රතාන්‍ය නිසි පියවරක් නොගන්නා බවත් යුක්තිය ඉටුකිරීම ජාත්‍යන්තර අධිකරණයේ වගකීමක් බවත් පැමිණිලිකරුවෝ කියා සිටිති.

බි‍්‍රතාන්‍යයේ වාසය කරන මෙම ද්‍රවිඩයන් 200 ක කණ්ඩායමට බි‍්‍රතාන්‍ය රජය දේශපාලන රැකවරණ ලබාදී තිබේ.

එහෙත් මේ පිරිස කවුරුන්ද යැයි අනාවරණය කර නැත.

ශ‍්‍රී ලංකා ඉතිහාසය තුළ ජනපති ආරක්‍ෂක ලේක් සහ හිටපු පොලිස් ප‍්‍රධානීන් රැසකට යුද අපරාධ චෝදනා එල්ලකර ජාත්‍යන්තර අධිකරණය වෙත යොමුවූ මුල්ම පැමිණිල්ල මෙයයි. මෙම පැමිණිල්ල නිසා එහි සඳහන්වන පොලිස් නිලධාරීන්ට බි‍්‍රතාන්‍යය හෝ නෙදර්ලන්තයට යෑමට නොහැකි වේ.

ඔවුන් එකී රටවල්වල පැමිණියහොත් සර්ව අධිකරණ පද්ධතිය යටතේ ඔවුන්ව අත්අඩංගුවට ගත හැකිය. ඊට හොඳම නිදසුන නේපාලයේ කර්නල් ලාමා ලන්ඩන් නුවරට පැමිණි අවස්ථාවේ නේපාල ජාතිකයන් අධිකරණයට ගොනුකළ නඩුවක් නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමේ සිද්ධියයි. එසේම අන්තර්ජාතික අධිකරණයට ගොනුවූ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ ග්ලෝබල් රයිට්ස් කම්ප්ලයින්ස් සංවිධානය මෙයට පෙර කොටි ඩයස්පෝරාව වෙනුවෙන් කටයුතු කර නැත. මේ රාජ්‍ය නොවන සංවිධානයේ දීපව්‍යාප්ත ජාලය ගැන විමර්ශනය කරනවිට එහි නියෝජිතයකු මෙරට සිටින අතර ඔහු කවුදැයි අනාවරණය වී නොමැත.

නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අධිකරණයට ශ‍්‍රී ලාංකික ද්‍රවිඩයන් 200ක් වෙනුවෙන් මේ නඩුව තුළින් ඉල්ලා ඇත්තේ පරීක්‍ෂණ පවත්වා අත්අඩංගුවට ගන්නා ලෙසයි. එසේම නෙදර්ලන්ත රජයද ශ‍්‍රී ලංකා විරෝධි රජයකි. ශ‍්‍රී ලංකාව ද්‍රවිඩ සමූල ඝාතනය් සිදුකළ බවට පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කළේද නෙදර්ලන්තයයි.

මෙවන් පසුබිමක් මැද ජාත්‍යන්තර අධිකරණයට ශ‍්‍රී ලංකාවට එරෙහිව එම පැමිණිල්ල විභාග කළ හැකිද? ඊට අමතරව පැමිණිලලේ සඳහන් හිටපු පොලිස්පතිවරුන්ට හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ හැකිද?

නෙදර්ලන්තයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයකුද සිටී, මේ පැමිණිල්ලට එරෙහිව අපේ තානාපති කාර්යාලය ගත් පියවර මෙතෙක් අනාවරණය වී නැත. මෙය පුදුමයක් නොවේ. යුරෝපා රටවලට පත්කර ඇති ශ‍්‍රී ලංකා තානාපතිවරු එකී රටවල සිටින කොටි කි‍්‍රයාකාරීන්ගේ අතීතයද නොදනී. කොටිඩයස්පෝරාවේ පැමිණිල්ලේ හිටපු ආරක්‍ෂක ලේකම් සහ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ කළේ කොටි සංවිධානය බවද පිළිගෙන තිබේ.

මෙහිදී නැෙඟන බරපතළ ප‍්‍රශ්නය නම් කොටි න්‍යයචාර්ය ඇඩෙලා බාලසිංහම් යුද අපරාධකාරියන් බව අනාවරණය වී තිබියදී ඇයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට කිසිම ශ‍්‍රී ලාංකිකයකු කි‍්‍රයා නොකිරීමයි.

මේ අතර බි‍්‍රතාන්‍යයේ මෙට්රොපොලිටන් පොලිසිය මෙම පැමිණිල්ල ගොනුකර ඇත. බි‍්‍රතාන්‍ය පොලිසියට යොමුකර ඇති පැමිණිල්ලේ දක්වා ඇත්තේ ගෝඨාභයේ දූත කණ්ඩායමේ චෝදනා එල්ලවූවන් සිටින්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.

එසේම මෙම ද්‍රවිඩයන් ඉදිරිපත් කරන සාක්‍ෂි ශ‍්‍රී ලංකාවේ විශේෂඥයන් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට – යුරෝපා සංගමයට – ඇමනෙස්ටි සංවිධානයට සහ හියුමන් රයිට්ස් සංවිධානවලට ද යවා ඇති පැමිණිල්ලේ දැක්වේ.

එල්ටිටීඊ ය යුද අපරාධ කළ බව හේග් අධිකරණයේදී පිළිගනියි…

මේ පසුබිම මැද රෝම සම්මුතිය යටතේ ශ‍්‍රී ලංකාවට එරෙහිව කි‍්‍රයාකිරීමට නීතිමය පදනමක් නැතැයි අනාවරණය වේ.

ශ‍්‍රී ලංකාව මේ දක්වා රෝම සම්මුතියට අත්සන් කර නැත. එහෙත් පිළිගතහැකි සාක්කි තිබේ නම් පරීක්‍ෂණ ආරම්භ කළ හැකිය. එහෙත් ජාත්‍යන්තර අධිකරණයට යොමුකළ පැමිණිල්ලේ දක්වා ඇත්තේ ශ‍්‍රී ලංකා රජය ද්‍රවිඩ ජාතිකයන්ට හිරිහැර තිබීම නිසා ඔවුන්ට ආපසු ශ‍්‍රී ලංකාවට යෑමට නොහැකි බවයි.

මෙහිදී ශ‍්‍රී ලංකා රජය විමර්ශනය කළ යුත්තේ මේ පැමිණිල්ල ගොනුකළ ද්‍රවිඩයන් 200 ක පිරිස බි‍්‍රතාන්‍යයට පැනගියේ කෙසේද? ඔවුන් මැණික් ෆාම් කඳවුරේ සිටි පිරිසක්ද යන්නයි. ඉහළ පෙලේ ආරංචි මාර්ග දක්වූයේ එම කඳවුරේ සිට හිටපු කොටි අල්ලස් ලබාදී මෙරටින් විදේශගතවූ බවයි. එහෙත් රජයේ අවධානය ඊට යොමුවූයේ නැත.

මේ අතර හිටපු පොලිස්පතිවරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට එරෙහිව මෙම නඩුව ගොනු කිරීම සඳහා ග්ලෝබල් රයිට්ස් කම්පලයින්ස් සංවිධානයේ නීතිවේදීහු රෝම සම්මුතියේ 53 වැනි වගන්තියද උපයෝගී කරගෙන තිබේ. එසේම අතිශයෝක්තියෙන් යුත් තොරතුරුද පැමිණිල්ලට ඇතුළත් කර ඇත.

එනම් 1983 දී ජුලී කලබලය නිසා ද්‍රවිඩයන් 3000කට අධික සංඛ්‍යාවක් ඝාතනය වූ බවද දක්වා තිබේ.

මේ පැමිණිල්ලෙන් කොටි සංවිධානය හිටපු ආරක්‍ෂක ලේකම් සහ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඝාතන සැලසුම් දියත්කළ බව පිළිගෙන තිබේ.

මේ හැර කොටි අගනුවර ලෙස හඳුන්වනු ලැබී කිළිනොච්චිය ශ‍්‍රී ලංකා හමුදාවේ පාලනය යටතට ගැනීමට ඉඩලැබුණේ බර අවි බල ගීතය පතරොම් හිඟය කොටි හමුදාවේ තනතුරුවලට නුපුහුණු සාමාජිකයන් පත්කිරීම යන කරුණු වන බවත් එවන් වාතාවරණයක් මත ශ‍්‍රී ලංකා හමුදාව ඉදිරියට ඇදුනු බවත් දැක්වෙන සවිස්තරාත්මක තොරතුරු පැමිණිල්ල ඇතුළත් වී ඇත.

යුද්ධයේ අවසාන දිනවල ද්‍රවිඩයන් 70,000 කට වැඩි සංඛ්‍යාවක් ඝාතනය වූ අතර 146678 ක් අතුරුදන්වී ඇති බවත් දක්වන ග්ලෝබල් රයිට්ස් සංවිධානය මියගිය ද්‍රවිඩයන් සංඛ්‍යාව 40000 සිට 45000 දක්වා බවත් පැමිණිල්ලේ දක්වා ඇති අතර එය එක්සත්ජාතීන්ගේ සංඛ්‍යාලේඛන වාර්තාවක් බවත් සඳහන් කර තිබේ.

එහෙත් එක්සත් ජාතීන්ගේ දරුස්මාන් වාර්තාවේ සඳහන්වූයේ මියගිය ද්‍රවිඩයන් සංඛ්‍යාව 40000 ක් ලෙසිනි.

මෙම පැමිණිල්ලට සම්බන්ධ ඇතැම් සාක්කිකරුවන් කර ඇති ප‍්‍රකාශ මෙසේය.

  1. ක්ල්ස්ටර් පතරොම් භාවිත කර ඇත.
  2. රසායනික අවි භාවිතය
  3. ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ විශාල සංඛ්‍යාවක් සිදුකරන අයුරු දුටුවෙමි
  4. සුදුකොඩි ඔසවා යටත්වූ සිවිල් වැසියන්ට වෙඩි තබන අයුරු දුටුවෙමි.

එසේම කොටි කි‍්‍රයාකාරීන් ඉන්දියාව – ජර්මනිය ප‍්‍රංශය කැනඩාව සහ බි‍්‍රතාන්‍ය යන රටවලට පැනයෑම නිසා ශ‍්‍රී ලංකා රජය විසින් බි‍්‍රතාන්‍ය තුළ විශාල චරපුරුෂ සේවාවක් කි‍්‍රයාත්මක කර ඇතැයි කොටි සාක්කිකරුවන් ප‍්‍රකාශ කර තිබේ. එහෙත් බි‍්‍රතාන්‍ය තුළ එම් අයි 5 සහ එම් අයි 6 බුද්ධි සේවාවන් කි‍්‍රයාත්මක වනවිට ශ‍්‍රී ලංකාවේ බුද්ධි සේවාවකට කි‍්‍රයාත්මක විය හැකිද? කොටි කි‍්‍රයාකාරීන් 200 කගේ මෙම පැමිණිල්ල කෙටුම්පත් කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ හිටපු පොලිස් ප‍්‍රධානීන් කොටුකරගැනීමේ අරමුණින් බව පැමිණිල්ලේ තොරතුරු නිරීක්‍ෂණය කරන විට සනාථ වේ.

රුවන්ඩාවේ සිදුවූ සමූල ඝාතන වලට සමාන ඝාතන කි‍්‍රයාදාමයට ශ‍්‍රී ලංකාවේදී සිදුවූ බවට පෙන්නුම් කිරීමේ අරමුණින් සත්‍යවූ එකී වාර්තාවේ තවදුරටත් දක්වා ඇත්තේ ද්‍රවිඩයන්ට පහරදීම් වධහිංසා සමූහ දූෂණ, අතුරුදන් කිරීම් සහ ඝාතනය කිරීම් සිදුවී ඇති බවයි.

කොටිඩයස්පෝරාව මෙම පැමිණිල්ලේ මියගිය පොලිස්පතිවරයකුවූ ඉන්ද්‍රා ද සිල්වා මහතාගේ නමද සඳහන් කර ඇත.

හේග් නුවර අන්තර්ජාතික අධිකරණයට ගොනුකර ඇති මෙම පැමිණිල්ලෙහි තමන් කොටි බව පැමිණිලිකරුවන් පිළගෙන තිබේ.

එසේනම් පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් හිටපු කොටි ත‍්‍රස්තයන් නොවේද?

වින්දිතයන්ගේ ප‍්‍රකාශය නමින් දක්වමින් එම හිටපු කොටි ත‍්‍රස්ත කණ්ඩායම වැඩිදුරටත් මෙලෙස ප‍්‍රකාශකර ඇත.

‘‘අපට අපේ නිජබිමේ නිදහසේ වාසය කිරීමට අවශ්‍ය වී ඇත. අප උපන් රටේ සිට නිජබිමට යෑම දුෂ්කර වී ඇත්තේ ශ‍්‍රී ලංකා රජය නිසාය. ඒ නිසා අපි කොටි සංවිධානය යටතේ ඒකරාශි වූයෙමු. 1983 දී අපි ඒ සඳහා සටන් කිරීම පිණිස අපේ ස්වෛරී රාජ්‍ය ආරම්භ කළෙමු. එය තමිල් ඊළමයි. ශ‍්‍රී ලංකා රජය කරන හිරිහැර නිසා බි‍්‍රතාන්‍යය රජය වැඩිදෙනකුට දේශපාලන රැකවරණ ලබාදීමට කි‍්‍රයාකළේය.

මේ අතර නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයට යොමුවූ හිටපු පොලිස්පතිවරුන්ට එල්ල වූ සාවi පැමිණිල්ලේ වින්දිතයන් යැයි හඳුන්වාගත් කොටින්ට බි‍්‍රතාන්‍ය රජය දේශපාලන රැකවරණ ලබාදුන්නේ කුමන පදනමකින්ද යයි හෙළිවී නැත.

මෙලෙස හිටපු පොලිස්පතිවරරුන්ට යුද අපරාධ චෝදනා එල්ල වෙද්දී ගුවන් යානාවලට මිසයිල ප‍්‍රහාර එල්ල කළ සහ වෙනත් යුද අපරාධ සිදුකළ කොටි ත‍්‍රස්තයන් රැසක් රජය පසුගියදා මුදාහරිනු ලැබීය. එය පුදුමයක් නොවේ. අමාත්‍ය ද මු. දිසානායක ඝාතනය ගැන රැඳවුම්භාරයේ සිටි සැකකරු ටිරොන්් ද මුදාහැරීමට අධිකරණයට සිදුවිය.

ටිරොන් වසර 13 ක් සිරගතව සිටියේය. එම කාලයේදී ඔහුට එරෙහි සාක්කිකරුවෝ මියගොස් ඇත.

මේ පසුබිම මැද වසර 15 පෙර කොල්ලූපිටිය පිත්තල හන්දියේදී ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේ කොටි බව කොටි මුල්වරට පිළිගෙන තිබේ.

ඒ ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමුකර පැමිණිල්ලෙනි.

එල්ටිටීඊ ය යුද අපරාධ කළ බව හේග් අධිකරණයේදී පිළිගනියි…
advertistmentadvertistment
advertistmentadvertistment