එල්ටීටීඊ ප‍්‍රකාශකගේ සිරදඩුවම් අත්හිටුවයි

470

එල්.ටී.ටී.ඊ.සංවිධානය නගා සිටුවීමට ආධාර හා අනුබල දීමේ චෝදනාව මත ත‍්‍රස්ත මර්දන ඒකකය විසින් එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශක දයා මාස්ටර් හෙවත් වේලායුදම් දයානිධි ට එරෙහිව වවුනියාව මහාධිකරණයේ ගොණු කොට තිබූ නඩුවේදී වසර දෙකක සිර දඩුවමක් වසර පහක අත්හිටවූ හිර දඩුවමක් වශයෙන් විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලියන් මහතා විසින් ඊයේ (25) නියම කරණ ලදී.
දයා මාස්ටර් වෙණුවෙන් පෙනී සිටි නීතිඥ එම්.ඒ සුමන්තිරන් මහතා මහාධිකරණය හමුවේ කියා සිටියෙ ඔහු වරද පිළිගන්නා බවත් ඔහු එල්.ටී.ටී.ඊ.සංවිධානයට සේවය කලේ මාසික වැටුපකට බවත්ය.
ත‍්‍රස්තමර්දන ඒකකය විසින් ඉදිරිපත් කරණ ලද තොරතුරු වලට අනුව 2006 අංක 7 දරන ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් වැලැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවට නීතිපතිවරයා විසින් 2018 ඔක්තෝම්බර් 19 වන දින මෙම නඩුව දයා මාස්ටර්ට එරෙහිව පනවා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment