එල්පීඑල්වලට ක‍්‍රීඩකයන් 699 කගෙන් අයැදුම්පත්

207

දෙසැම්බර් මස 05 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වීමේ අපේක්ෂාවෙන් විවිධ රටවල ක‍්‍රීඩකයන් 699 අයැදුම්පත් යොමු කර තිබේ. ඒ අතරින් ඔක්තෝබර් 29 වැනිදා පැවැත්වීමට නියමිත ක‍්‍රීඩක කෙටුම්පත් කිරීම (Player draft) සඳහා ඉන් 225 ක් නිර්දේශ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් නිර්දේශ කර තිබේ.

ඛඡුඛ තරගාවලියේදී කණ්ඩායමකට තබාගත හැකි උපරිම විදෙස් ක‍්‍රීඩකයන් සංඛ්‍යාව 6 ක් වන අතර තරගයකට උපරිමය ක‍්‍රීඩා කළ හැක්කේ සිව් දෙනකුට පමණි. ඒ අනුව ඛඡුඛ දෙවැනි තරගාවලියේ දෙවැන්න නියෝජනය කිරීමට වරම් හිමිවන්නේ ලියාපදිංචිව සිටින ක‍්‍රීඩකයන් අතරින් ක‍්‍රීඩකයන් 30 දෙනකුට පමණි.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පවත්වන ලද පළමු ඛඡුඛ තරගාවලිය තරග 23 කින් සමන්විත වූ නමුත් මෙවර තරගාවලියේදී දෙවැනි වටය වන කඩ ඉම් වටය සඳහා එලිමිනේටර් (Eliminator) තරගයක් ඇතුළත් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබීම හේතුවෙන් සමස්ත තරග සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙවර තරගාවලියට සහභාගිවීම සඳහා ලියාපදිංචිව සිටින ක‍්‍රීඩකයන් අතරින් කිහිප දෙනෙක් මෙසේය. බටහිර ඉන්දීය කොදෙව් පිලේ ක‍්‍රිස් ගේල්, අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ විස්සයි – 20 ශ්‍රේණිගත කිරීම්හි අංක 1 පිතිකරුවා බවට පත්ව සිටින එංගලන්ත ක‍්‍රීඩක ඬේවිඞ් මාලන් සහ දකුණු අප‍්‍රිකානු පිලේ සුපිරි පිතිකරු ෆෆ් ඩුප්ලෙසිස්ද ඇන්ඩෲ රසල්, පාකිස්තානයේ සුපිරි පිතිකරු ෆකාර් සමාන්, ශහිඞ් අෆ්රිඩි, ඔස්ටේ‍්‍රලියාවේ ජේම්ස් ෆෝල්ක්නර්, එංගලන්තයේ ලූක් රයිට්, ලියම් ප්ලන්කට්, ස්ටීවන් ෆින්, අදිල් රශීඞ්, බංග්ලාදේශයේ මහමුදුල්ලා, දකුණු අප‍්‍රිකාවේ ඉම්රාන් තහීර්, බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඞ්වයින් ස්මිත්, නවසීලන්තයෙන් මිචෙල් මැක්ලෙන්හම් සහ සිම්බාබ්වේ සිකන්දර් රාසා කලක් ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ ඉර්ෆාන් පතන්, යුසුෆ් පතන්.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment