ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර සඳහා නව ලාංඡනයක් එළිදැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.
ක්‍රීඩා ලෝලීන් අතර පවත්වන ලද ලාංඡන නිර්මාණ ඉදිරිපත් කිරීමේ තරගයකින් පසුව මෙම බහුවිධ මුහුණුවර නිරූපණය කෙරෙන ලාංඡනය තෝරා ගැනිණි. ධෛර්යය සංඛේතවත් කරන ‘සිංහ’ සංකේතය වටා නිර්මාණය වී ඇති මෙම නව ලාංඡනයෙන් ශ්‍රී ලාංකේය ජාතියේ අධිෂ්ඨානය, නිර්භීතකම සහ ශක්තිය පෙන්නුම් කරන අතර ලාංඡනයේ දැක්වෙන පිතිකරුවා වටා බලය, ජවය සහ උද්වේගය පෙන්නුම් කරනු ඇත.
ඊට අමතරව භාවිතා කර ඇති බහුවිධ වර්ණ ‘ක්‍රිකට් සැණකෙළියක’ ආරම්භය ප්‍රකාශ කෙරෙන අතර එමඟින් ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලොව පුරා රසිකයන් විනෝදාස්වදය, උද්යෝගය සහ වින්දනය පෙන්නුම් කරනු ලබයි.නිර්මාණ ඉදිරිපත් කිරීම වෙනුවෙන් දියත් කරන ලද තරගයට සහභාගි වුණු මහනුවර ප්‍රදේශයේ වෙසෙන 24 හැවිරිදි මියුලික වීරමන්ත්රී මහතා විසින් මෙම ලාංඡනය නිර්මාණය කරන ලද අතර ඒ වෙනුවෙන් වූ ඩොලර් 1000 ක ත්‍යාග මුදල පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පැවැති චාම් උත්සවයකදී ඔහුට පිරිනැමිණ.
එල්පීඑල් තරගාවලියේ අධ්යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා විසින් ලාංඡන නිර්මාණ තරගයේ ජයග්‍රාහකයා වූ මියුලික වීරමන්ත්රී මහතා වෙත තිළිණ පිරිනැමූ අවස්ථාව. මෙම අවස්ථාවට (වමේ සිට) අයි.පී.ජී. සමූහයේ සභාපති, නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අලෙවි ප්‍රධානී උපුල් නවරත්න බණ්ඩාර යන මහත්වරු ද සහභාගි වූහ.