එල්පීඑල් ක්‍රිකට් – හම්බන්තොටින් නුවර පෙරමුණට

205

මෙවර එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ හම්බන්තොට
මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින්
පැවැති තරග පහ ඊයේ (08 වැනිදා) නිමාවට
පත්වූ අතර ඒ අනුව එහි පෙරමුණ ගැනීමට වනිඳු
හසරංගගේ නායකත්වයෙන් යුත් කැන්ඩි
ෆැල්කන්ස් කණ්ඩායම සමත් වී තිබිණි.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඔවුන් සහභාගි
වූ තරග දෙකම ජය ගැනීමට සමත් වූ අතර
තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා
කිංග්ස් කණ්ඩායමද ඔවුන් සහභාගි වූ තරග
දෙකම ජයග්‍රහණය කර ඇත.

ඒ අනුව මෙම කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු
4 බැගින් ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය අනුව
කැන්ඩි ෆැල්කන්ස් පෙරමුණේ පසුවන අතර ගෝල්
ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා එකඳු
තරගයක් හෝ ජය ගෙන නොමැත. ඔවුන් අංක
තුන සහ අංක හතර ස්ථානවල පසුවේ. ඊයේ තරගය
ජයගත් කළම්බු ස්ටාර්ක් කණ්ඩායම ප්‍රසාද ලකුණු
දෙකක් සමග එම සටහනේ තෙවැනි ස්ථානයට
පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment