එල්පීඑල් දෙවැනි අදියර දෙසැම්බර් මාසයේදී – විදෙස් කී‍්‍රඩකයන් ලියාපදිංචිය අද සිට

131

ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි අදියර දෙසැම්බර් මස 04 වැනිදා සිට 23 දක්වා පැවැත්වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කටයුතු යොදා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඒ බව සඳහන් කර ඇති අතර තරගාවලියට සහභාගි වන විදෙස් කී‍්‍රඩකයන් ලියාපදිංචිය අද (24 දා) සිට ආරම්භ කිරීමට ද කටයුතු යොදා ඇති බව එහි දැක්වේ.

ඒ අනුව තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තුවන විදෙස් ක‍්‍රීඩකයින්ට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිල වෙබ් අඩවිය වන www.srilankacricket.lk මගින් ලියාපදිංචි වීමේ අවස්ථාව ඇත.

අයැදුම් කිරීමට බලාපොරොත්තුවන ක‍්‍රීඩකයින් ඔක්තෝබර් මස 05 වැනිදා මධ්‍යාහ්න 12 ට පෙර සිය අයැදුම්පත් ලියාපදිංචි කොට අවසන් කළ යුතු වේ.

එසේ සිදුකරනු ලබන ලියාපදිංචි කිරීමේ ක‍්‍රියාවලියෙන් පසු එල්.පී.එල්. තරගාවලියේ ක‍්‍රීඩකයින් තේරීම වෙනුවෙන් වූ කෙටුම්පත් කිරීමට ඔවුන් (Player Draft)  සුදුසුකම් ලබනු ඇත.

එල්.පී.එල්. තරගාවලියේ ක‍්‍රීඩක කෙටුම්පතට සුදුසුකම් ලැබීමට බලාපොරොත්තු වන විදෙස් ක‍්‍රීඩකයින් පහත සඳහන් සුදුසුකම් සපුරාලිය යුතු වන අතර, එහිදී ක‍්‍රීඩකයින් ඔවුන්ගේ ජාතික කණ්ඩායම නියෝජනය කර තිබීම, නැතහොත් පළමු පෙළ ක‍්‍රිකට් ක‍්‍රීඩා කර තිබීම, නැතහොත් පූර්ණ සාමාජික මණ්ඩල තරගාවලිවල ප‍්‍රධාන විස්සයි-20 තරගාවලි පාදක කරගනිමින් පවත්වා ඇති තරගාවලියක් හෝ ක‍්‍රීඩා කර තිබිය යුතු වේ. එම ක‍්‍රීඩකයින් අදාළ ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද ක‍්‍රීඩකයින් විය යුතුය.

ලංකා ප‍්‍රිමියර් ලීග් දෙවැනි අදියරය, කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇත. කණ්ඩායමේ මූලික සංචිතය ක‍්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත විය යුතු වන අතර එහිදී දේශීය ක‍්‍රීඩකයින් 14 ක් සහ විදේශීය ක‍්‍රීඩකයින් 6 දෙනෙකු එක් කර ගැනීමේ හැකියාව කණ්ඩායම් හිමිකාරීත්වයට හිමිවනු ඇත.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment