එල්පී ගෑස් සමාගමක් අරඹන්න අනුමැතිය

213

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධ එල්පී ගෑස් සමාගමක් ආරම්භ කිරීම ස`දහා පෙරේදා (05 වැනිදා) පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී අනුමැතිය ලබාදී ඇත. තෙල් සංස්ථාවට අයත් සපුගස්කන්ද පිරිපහදුව මගින් මේ වන විට දිනකට එල්පී ගෑස් මෙටි‍්‍රක් ටොන් 70-90 අතර ප‍්‍රමාණයක් නිදවනු ලබන අතර එම ප‍්‍රමාණය මෙරට ගෑස් ඉල්ලූමෙන් සියයට 5 කි.

ඒ අනුව නව වැඩපිළිවෙළ යටතේ දිනකට එල්පී ගෑස් බැරල් 10,000ක ධාරිතාවයෙන් යුතු අලූතින් පිරිපහදුවක් ස්ථාපිත කිරීමට සහ සපුගස්කන්ද පිරිපහදුව වැඩිදියුණු කිරීමට ද සැලසුම් කර ඇති අතර තෙල් සංස්ථාව තුන්වැනි තරගකරුවකු ලෙස මෙරට ගෑස් වෙළෙ`ද පොළට ඇතුළත් කිරීම මෙහි අරමුණ වේ.

විෂය භාර ඇමැතිවරයා ලෙස බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙසේ අනුමැතිය හිමි වී තිබේ.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment