මරණීය දණ්ඩනය, ජීවිතාන්ත සිර දඬුවම් සහ දීර්ඝ කාලීන සිරදඬුවම් විඳින බන්ධනාගාර රැඳවියන්ට කාලානුරූපව නිදහස ලබා ගත හැකි වෙන පරිදි අතීතයේ ක්‍රියාත්මක වූ සමා දීමේ ක්‍රමවේදය යළි ඇති කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක`ගතාවය පළකර තිබේ.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කළ විශේෂ කමිටුවක් මගින් මීට වසරකට පමණ ඉහතදී ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවක් සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙසේ එකඟතාව පළ කර ඇත.
හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා එම ධුරය හොබවද්දී මෙම කමිටුව ක්‍රියාත්මක විය.
එහිදී මරණීය දණ්ඩන ලක්වූවන් සහ ජීවිතාන්ත සිර දඬුවම ඇතුළුව දීර්ඝ කාලීන සිරදඬුවම් විඳින සිරකරුවන් වෙන් වෙන් වශයෙන් ගෙන්වා කරුණු විමසා බලමින් එම කමිටු සාමාජිකයෝ මෙකී අවසන් වාර්තාව සකස් කළහ.
මේ අනුව පැරණි සමා ක්‍රමවේදය යළි ඇති කිරීම සඳහා තවදුරටත් කරුණු සොයා බලා අඩුපාඩු ඇත්නම් ඒවා ද සකස් කර වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා බන්ධනාගාර අමාත්‍යාංශය ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.
එම උපදෙස් අනුව බන්ධනාගාර අමාත්‍යාංශ ප්‍රධානීන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ද පෙරේදා (07 වැනිදා* පවත්වා ඇති අතර අවසන් වාර්තාව සකස් කිරීමේ කටයුතු ඊයේ දිනයේම ආරම්භ කෙරුණු බව උසස් බන්ධනාගාර නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.
සමන් ගමගේ