එල්ලේ ජය නාවික හමුදාවට

103

දංකොටුව බෝතලේගම ‘ලූම්බිණි’ ක‍්‍රීඩා සමාජය පවත්වන ලද එල්ලේ සිව්කොන් තරගමාලාවේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ‍්‍රී ලාංකා නාවික හමුදාව පෙරෙදා (12දා) සමත් විය.

දංකොටුව බෝතලේ ගම ක‍්‍රීඩා පිටියේ පැවති මෙම තරගමාලාවේ අනුශූරතාවය දිනා ගැනීමට බෝතලේගම ලූම්බිණි ක‍්‍රීඩා සමාජය සමත් විය.

තරගමාලාවට සහභාගි වූ අනෙක් කණ්ඩායම් වූයේ ගල්මුරුව ජයන්ති හා පොල්ගහවත්ත සූරගාමිණී’ යන කණ්ඩායම්ය. දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස නාවික හමුදා කණ්ඩායම නියෝජනය කළ සුදත් පුෂ්පකුමාර සම්මාන ලැබූ අතර හො`දම උඩ පන්දු රකින්නා ලෙස ලූම්බිණි කණ්ඩායමේ නිරෝෂ් පියුමාල් තේරී පත්විය. මෙම අවස්ථාවට ශ‍්‍රී ලාංකා නාවික හමුදාවේ එල්ලේ සංචිතයේ සභාපති කපිතාන් ජී. එච්. යූ. කේ. මුණසිංහ, එහි ලේකම් ලූතිනන් කමාන්ඩර් මීමැඩුම හා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතාගේ ලේකම් උදාර බුද්ධික යන මහත්වරු සහභාගි වූහ. ජයග‍්‍රහණය ලැබූ ශ‍්‍රී ලාංකා නාවික හමුදා කණ්ඩායම ශූරතාවය සමග සමූහ ඡුායාරූපයකට පෙනී සිටි අයුරු.

කදාන – රුක්මන් පින්තු
 

advertistmentadvertistment
advertistmentadvertistment