එල්.එන්.ජී බලාගාර පද්ධතිය අමෙරිකාවට පැවරීම,යන මැයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ රැසක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පිටකෝට්ටේ ප්‍රදේශයේදී සංවිධානය කරන මහජන මන්ත්‍රණ සභාවේ මංගල සැසිය අද සවස 3.00 පැවැත්වේ.
ඒ සඳහා විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, පූජ්‍ය අතුරලියේ රතන හිමිල මහාචාර්ය තිස්ස විතාරණ, ටිරාන් අලස්, ගෙවිදු කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් සහභාගීවීමට නියමිතය.