එල්. එන්. ජී බලාගාරයක් ලියුම එනතෙක් මඟබලයි

212

කෙරවලපිටියේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 488 කින් සමන්විත ස්වභාවික ද්‍රව වායු (එල්. එන්. ජී) විදුලි බලාගාරයට අදාළ අභිප්‍රාය ලිපිය අමාත්‍යාංශයෙන් ලැබුණු පසු මාස දහඅටක් ඇතුළත මෙගාවොට් 300 ක් ජාතික විදුලි පද්ධතියට එක්කළ හැකි බවට එම ආයෝජකයන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

දැනට වෙළෙඳ පොළේ පවතින එල්. එන්. ජී මිල ගණන් වලට අනුව මෙම බලාගාරය මගින් විදුලි ඒකකයක් රුපියල් 32.41 ක මිලකට ලංවිමට ලබාදිය හැකි බව ද බලාගාරය ඉදිකරන දේශීය සමාගම මේ වනවිටත් දැනුම් දී තිබේ.

ඒ අනුව යෝජිත මෙම බලාගාරයේ දෙවන අදියර යටතේ මාස 24 ක් ඇතුළත එම බලාගාරයේ සම්පූර්ණ ධාරිතාව වන මෙගාවොට් 488ම ජාතික විදුලි පද්ධතියට ලබාගත හැකි බවද ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙක් ‘දිවයින’ට පැවැසීය.

විදුලිබල පනතේ තිබූ වගන්තියක් නිසා මෙවැනි විදුලි බලාගාර සඳහා අනුමැතිය ලබාදීමේ ගැටලු මතුවී තිබුණ අතර ඉදිරි කාලයේදී මෙවැනි ආයෝජන ලබාගත් පසු මෙරට විදුලි අර්බුදයට විසඳුම් ලැබෙන බවද හෙතෙම කීය.

ලංකා ආලෝක් නෙක්ෂිෆට්, ලින්ඩන් එනර්ජි කෝපරේෂන් නමැති සමාගමක් මෙම බලාගාරය ඉදිකිරීමට ඉදිරිපත්ව සිටින බවද හෙතෙම පැවැසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment