එල්.පී.එල්. කල් යයි

146

ලබන අගෝස්තු මස 01 වැනිදා සිට 21 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මේ වනවිට රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තරගාවලිය මෙලෙස කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (17 වැනිදා) සඳහන් කර සිටියේය.

තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ හිමිකාරීත්වය විසින් කළ ඉල්ලීමක් සලකා බලා රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් සඳහන් කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment