එල්.පී.එල්. කී‍්‍රඩකයින් තේරීම කල්යයි

247

ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර සඳහා කී‍්‍රඩකයින් තෝරා ගැනීම ලබන 09 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කර තිබේ. එම තෝරාගැනීම අද (05 වැනිදා* සිදු කිරීමට සූදානම් කර තිබුණු අතර කී‍්‍රඩා කණ්ඩායම් හිමිකරුවන්ගෙන් ලැබුණු ඉල්ලීමක් මත මෙලෙස දින කල් දැමීම සිදුවූ බවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආරංචිමාර්ග සඳහන් කර සිටී.

 ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් මස 05 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ

 කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. එ් අනුව අදාළ තරගාවලිය සඳහා තරග වදින කණ්ඩායම් පහට අදාළව කී‍්‍රඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සඳහා දේශීය කී‍්‍රඩකයින් 300 දෙනකු සහ විදෙස් කී‍්‍රඩකයින් 300 දෙනකු ඉදිරිපත් වීමට නියමිතව ඇති බවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සඳහන් කර සිටී. එහිදී කී‍්‍රඩකයින් තෝරා ගැනීම වට 20කින් යුක්ත වන අතර කාණ්ඩ කිහිපයක් යටතේ කී‍්‍රඩකයින් තෝරා ගැනීම එහිදී සිදු කළ හැකිය.

 මීට අමතරව එක් සංචිතයක් සඳහා කී‍්‍රඩකයින් 20 දෙනකු ඇතුළත් වන අතර ඊට විදෙස් කී‍්‍රඩකයින් 06 දෙනකු සහ දේශීය කී‍්‍රඩකයින් 14 දෙනකු ඇතුළත්ව සිටිය යුතු අතර අවශ්‍ය නම් කණ්ඩායමකට පසුගිය වසරේ කී‍්‍රඩා කළ කී‍්‍රඩකයින් 8 දෙනකු මේ වසරේද සිය කණ්ඩායමේ රඳවා ගැනීමට අවස්ථාව හිමි වී තිබේ.

 අන්තර්ජාල තාක්ෂණය භාවිතයෙන් පැවැත්වීමට නියමිත මෙම ක‍්‍රීඩක තෝරා ගැනීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන්ගේ

 ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් පහේ හිමිකරුවන්, පුහුණුකරුවන්, හෝ කණ්ඩායම් හිමිකාරිත්වය විසින් නම් කරනු ලබන පිරිසක් විසින් එම ක‍්‍රීඩක තෝරා ගැනීම් සිදු කිරීමට නියමිතව තිබේ.

 කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment