එල්.පී.එල්. සමාරම්භක තරගයේ කාසියේ වාසිය ජැෆ්නා කිංගස්ට

130

ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී ඊයේ (05 වැනිදා* ආරම්භ කෙරණි. ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරග වැදිණි.

 සමාරම්ක තරගයේදී කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දුවට පහරදීමට ගාල්ල කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව ඉනිම ආරම්භ කළ ගාල්ල කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේදී කඩුලූ 3ක් දැවී ලකුණු 77ක් ලබා සිටියේය.

 ගාල්ල ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් ධනුෂ්ක ගුණතිලක ලකුණු 8කට දැවී ගිය අතර දෙවැනි කඩුල්ල ලෙසින් කුසල් මෙන්ඩිස් ලකුණු 16කට දැවී ගියේය. මොහොමඞ් හෆීස් ලකුණු 15ක් ලබා සිටියදී මහේෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ අවිශ්ක ප‍්‍රනාන්දු අතට උඩපන්දුවක් ලබා දී දැවී ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment