එලියුඞ් කිප්චෝග් දෙවැනි වරටත් පිරිමි මැරතන් රන් පදක්කම දිනයි

414

කාන්තා රන් පදක්කම පෙරෙස් ජෙප්චර්චර්ට

32 වන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි අවසන් මලල ක‍්‍රීඩා ඉසව්ව ලෙස ඊයේ (08) ක‍්‍රියාත්මක කෙරුණු පිරිමි මැරතන් තරගයේ රන් පදක්කම දිනා ගැනීමට කෙන්යාව නියෝජනය කළ එලියුඞ් කිප්චෝග් සමත් විය. ඒ අනුව පිට පිට දෙවරක් ඔලිම්පික් ක‍්‍රීඩා මැරතන් තරග ඉසව්ව ජයගත් විශිෂ්ටයෙකු ලෙස ඔහු ඉතිහාසයට එක් විය.

පිරිමි මැරතන් ඉසව්වේ ලෝක වාර්තාවට ද හිමිකම් කියන එලියුඞ් කිප්චෝග් හට මෙවර තරගයේ රන් පදක්කම දිනා ගැනීම සඳහා පැය 02.08.38 ක කාලයක් ගත විය.

එලියුඞ් කිප්චෝග් දෙවැනි වරටත්  පිරිමි මැරතන්  රන් පදක්කම දිනයි

2004 වසරේ මීටර් 5000 (ලෝකඩ පදක්කම) 2008 වසරේ මීටර් 5000 (රිදී පදක්කම) 2016 වසරේ මැරතන් (රන් පදක්කම)2021 වසරේ මැරතන් (රන් පදක්කම) ඔහුගේ නමින් සටහන් වීම කැපී පෙනේ.

මෙවර තරගයේ රිදී පදක්කම නෙදර්ලන්තයේ ආබීඞ් නජීයේ (පැය 2.09.58) හිමිකර ගත් අතර ලෝකඩ පදක්කම බෙල්ජියමේ බෂීර් ආබ්ඞී (පැය 2.10.00) සතුවිය.

සෙනසුරාදා පැවැති මලල ක‍්‍රීඩ තරග ආශ‍්‍රිතව කැපී පෙනෙන්නට නොර්වේ ජාතික ඉන්ජිබ‍්‍රයිට් ජේකොබ් සමත් වූයේ නව ඔලිම්පික් වාර්තාවක් බිහි කරමිනි.මීටර් 1500 රන් පදක්කම දිනා ගැනීම සඳහා ඔහු ගත කළ මි:3.28.32 ක කාලය නව ඔලිම්පික් වාර්තාවක් ලෙස සටහන් වුණි.

මෙදින කාගේත් අවධානය දිනා ගත් මීටර් 400 ඥ 4 සහාය ධාවන ඉසව්වේ පිරිමි ( මි:2.55.70) සහ කාන්තා (මි:3.16.85) රන් පදක්කම් දිනා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත්වීම කැපී පෙනුණි.

මෙවර ක‍්‍රීඩා උළෙලේ දකුණු ආසියාවේ වීරයා බවට පත්වෙමින් පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට අසල්වැසි ඉන්දියාවේ නිරාජ් චොප්රා සමත් වූයේය.

වයස අවුරුදු 20න් පහළ කනිෂ්ඨ ලෝක වාර්තාවට ද හිමිකම් කියන නිරාජ් චොප්රා මෙවර රන් පදක්කම දිනා ගැනීම සඳහා මීටර් 87.58 ක දක්ෂතාවයක් ප‍්‍රදර්ශනය කළේය.

ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ පෙරෙස් ජෙප්චර්චර් මෙවර කාන්තා මැරතන් රන් පදක්කම දිනාගත්තේ පැය 2.27.20 ක දක්ෂතාවක් ප‍්‍රදර්ශනය කරමිනි. එකී රිදී පදක්කම ද කෙන්යාව ට හිමිවූ අතර ලෝකඩ පදක්කම ඇමෙරිකා එක්සත් ජනපදය සතුවිය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment