එලිසබෙත් මහ රැජන අයර්ලන්ත සංචාරය අවලංගු කරයි

266

එංගලන්තයේ දෙවැනි එලිසබෙත් මහ රැජින අසනීප තත්ත්වයක් මත උතුරු අයර්ලන්තයේ සිදු කිරීමට නියමිතව තිබූ දෙදින සංචාරය අවලංගු කර තිබේ. මහ රැුජින දරුණු අසනීපයකින් නොපෙලූණද ඇය විසින් පසු ගිය දින කිහිපය කාර්ය බහුල ලෙස ගත කිරීම නිසා වෛද්‍ය උපදෙස් මත මෙම පියවර ගෙන තිබේ.

 95 හැවිරිදි වියෙහි පසු වන රැුජින ඉදිරි දින කිහිපය වින්ඞ්සර් මාලිගයේ ගත කරනු ඇති බව එම මාලිගය විසින් නිවේදනය කර තිබේ.

 කෙසේ වුවද මෙම මස අවසානයේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ පැවැත්වෙන ‘කොප් 26 පරිසර සමුළුව’ සඳහා තමා සහභාගී වන බව මහ රැජින පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment