එලොව ගිය පණ මෙලොව ගෙනෙන ප්‍රාණජීව පැළේ විස්මිත ගුරුකම්

2140

ඖෂධ පැළෑටි අතරින් ප්‍රාණජීව පැළැටියට හිමිවන්නේ අද්වතීය ස්ථානයකි. පැළෑටියේ නාමාර්ථයෙන් මිනිස් සිරුර ප්‍රාණවත් කරන නිරෝගී කරන ජීවී ගුණයක් එහි පවතී. මෙහි පත්‍ර කොටා යුෂ පානය කිරීමෙන් බොහෝමයක් රෝග දුරු කරගත හැකිය. මෙහි ඖෂධීය ගුණය මෙන්ම ගුප්ත විද්‍යා පැතිකඩ ද විස්මය දනවන්නෙකි. එහි ගුරුකම් කිහිපයක් මතු දැක්වේ. මෙයින් පැළෑටියක් යම් ගෙවත්තක වීද එහි හිමියනට යස ඉසුරු නිරෝගී සුවය කැන්දයි. ප්‍රාණජීව මිනිස් හඬට ප්‍රතිචාර දක්වන ශාකයකි. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ප්‍රාණජීව පැළෑටි වර්ග 03 ක් වාර්තා වේ.

  • ප්‍රාණජීව
  • ජීව ප්‍රාණ
  • සංජීව

මෙයින් බොහෝ ප්‍රදේශවලින් ප්‍රාණජීව ඖෂධ පැළෑටිය වාර්තා වේ. පෞරාණික ග්‍රන්ථයන්හි දැක්වෙන අන්දමට රූමස්සල, කතරගම වැඩිහිටි කන්ද, ඌරාගල, මොනරාගල යන ප්‍රදේශයන්හි මෙම වර්ග 03 ම දක්නට ලැබේ. ප්‍රාණ ජීව, ජීව ප්‍රාණ යන පැළෑටි නිල් අවරිය හැඩැතිය. අඩි 01 ත් 02 ත් අතර උසකින් යුත්තය. සමහර විට මීට වඩා උසකින් ද යුක්තය. මෙම පැළෑටිවල සිහින් දිගු කරල් විශේෂයක් හට ගනී. එක ළඟ පත්‍ර 03 කි. ප්‍රාණජීවයෙහි දෙපස වූ පත්‍ර 02 මධ්‍යයේ ඇති පත්‍රයට නැමී සෙලවෙයි. ජීව ප්‍රාණයෙහි පත්‍ර 02 නොසෙල්වී තිබියදී මධ්‍ය පත්‍රය නිරන්තරයෙන් එම පත්‍ර දෙසට චලනය වේ. පුරාණ ගුප්ත විද්‍යා ඇදුරන් මෙකී පැළෑටි සිය ගුරුකම් කටයුතු සඳහා භාවිත කළහ. ඒ අතර පහත මූල මන්ත්‍රයෙන් ප්‍රාණජීව මුලට මල් බුලත් තටුව තනා 1008 වර ජප ක ආතුරයින්ගේ කර හෝ ඉණ බැඳීමෙන් අට අනූවක් රෝග සුවවන බව පුරාණ ගුරු අත්පොත් හි සඳහන් කර ඇත.

“ඕම් ඕන් හ්‍රීන් නෙත විෂ්ණු මහෞෂධ සිද්ධි ප්‍රාණ ජීව ප්‍රාණ සිද්ධි බ්‍රහ්ම තිෂ්ඨ මහේෂ්වරං ස්වාහඃ”

ජීව ප්‍රාණ මුලක් පුස නැකතින් උදුරාගෙන තන කිරෙන් ගලගා පහත මන්ත්‍රයෙන් 1008 වර මතුරා භාවිත කිරීමෙන් එලොව ගිය පණ මෙලොවට ගෙනෙන බව පුරාණ යන්ත්‍ර මන්ත්‍ර පොත්හි දැක්වේ.

“ඕං සිද්ධි ජීව ප්‍රාණ ජීව නසතිං බන්ධො කරෝතිං ප්‍රාණං බන්ධනඃ නමඃ ශ්‍රී විෂ්ණු ජීව ජීව ගිඩි ගිඩි ස්වාහඃ”

එසේම පුස නැකතින් ප්‍රාණජීව මුලක් උදුරා මල් බුලත් තටුවක තැන්පත් කොට පහත මන්ත්‍රයෙන් 1008 වර ජප කොට ඉන හෝ කර පැලඳ යෑමෙන් සියලු කාර්යයන් විජයග්‍රාහී වෙයි. ධනය ලැබේ. අතිප්‍රබල වශියකි.

“ඕං ශෂ්ඨ විද්‍යා ප්‍රාණ බන්ධො ජපෙ සිද්ධි වශමානය ස්වාහඃ”

එසේම මෙම ප්‍රාණජීව පැළෑටිය ඇසුරින් හිඳගන්නා මහා බලගතු ප්‍රාණ ජීව තෛලය ද පුරාණ දේශීය වෙදකමේ එන අට අනූවක් රෝග නසන අති ප්‍රබල වශ්‍යකාරක මාහැඟි ඖෂධ රත්නයකි.

චිරං ජයතු

ජ්‍යොතීර්වේදී කොත්මලේ නාරද
0779579206

advertistmentadvertistment
advertistmentadvertistment