එව්රිතින් එව්රිවෙයා ඕල් ඇට් වන්ස් ඔස්කාර් සම්මාන උළෙලේ කප් ගහයි

32

ලොව ප්‍රධානතම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් සම්මාන උළෙල මෙවරද අති උත්කර්ෂවත් අන්දමින් පවත්වා අවසන් කෙරිණ.
ඒ අනුව මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය දිනාගත්තේ බ්‍රැන්ඩන් ෆ්රේසර් විසිනි. ඒ ද වේල් සිනමාපටය වෙනුවෙනි.
හොඳම සහාය නළුවා සම්මානය එව්රිතින් එව්රිවෙයා ඕල් ඇට් වන්ස් සිනමා පටයේ රංගනය වෙනුවෙන් කී හේ ක්වෑන් හිමිකර ගෙන තිබේ.
හොඳම සහාය රංගන ශිල්පිනියට හිමි සම්මානය ,එව්රිතින් එව්රිවෙයා ඕල් ඇට් වන්ස් සිනමා පටයේ රංගනය වෙනුවෙන් ජේමි ලී කර්ටිස් විසින් හිමිකර ගත්තාය.
එමෙන්ම අතිශය ජනාදරයට පාත්‍ර වූ ආර්ආර්ආර්ඉන්දීය තෙළෙඟු සිනමාපටයේ එනල නාටු නාටු ගීතය ද මෙවර ඔස්කාර් සම්මානයට පාත්‍ර වී තිබේ.
හොඳම රංගන ශිල්පිනියට හිමි ඔස්කාර් සම්මානය දිනා ගැනීමට මිෂෙල් යෝ සමත් වූයේ එම සම්මානය දිනාගත් පළමු ආසියාතිකයා බවට පත්වෙමිනි.
ඒ ෑඩැරහඅයැරු ්කක ්එ ධබජැ, සිනමා පටය වෙනුවෙනිග සුදු හමක් නොමැති අයෙක් එම සම්මානය පාත්‍ර වූ පළමු අවස්ථාවද මෙය වේ.
මේ අතර සම්මාන උළෙලේ අවසන් සම්මානය වන හොඳම සිනමාපටයට හිමි සම්මානය දිනාගත්තේ එව්රිතින් එව්රිවෙයා ඕල් ඇට් වන්ස් සිනමා පටයය.
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ දී සම්මාන උත්සවය පැවැත්විණ.

advertistmentadvertistment
advertistmentadvertistment