එස්එල්ටී මොබිටෙල් ස්පීඩප් කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරගාවලිය අද

110

ශී‍්‍ර ලංකා මෝටර් රථ කී‍්‍රඩා පාලක මණ්ඩලය වන ශී‍්‍ර ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් විසින් සංවිධානය කරන කරනු ලබන ‘එස්. එල්. ටී. මොබිටෙල් ස්පීඩප් කටුකුරුන්ද 2021’ මෝටර් රථ ධාවන තරගාවලිය අද සහ හෙට (04 සහ 05 වැනිදා) යන දෙදින තුළදී කටුකරුන්ද ධාවන පථයේදී පැවැත්වේ. එ් අනුව මෙම තරගාවලිය සඳහා ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය සැපයීමට එස්.එල්.ටී. මොබිටෙල් ඉදිරිපත් වී සිටී.

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තරගාවලිය පේ‍්‍රක්ෂකයන්ගෙන් තොරව පැවැත්වේ. මෙරට වේගවත්ම ධාවන පථය වන කටුකුරුන්ද ධාවන පථයේදී මෙවර තරගාවලිය සඳහා තරගකරුවන් විශාල පිරිසක් ඉදිරිපත් වී සිටියද මෙවර තරගාවලිය ධාවන පන්ති අටකට පමණක් සීමා කිරීමට සංවිධායක කමිටුව පියවර ගෙන තිබේ.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ සහ කී‍්‍රඩා අමාත්‍යාංශයේ සහාය ඇතිව පැවැත්වෙන මෙම තරගාවලිය නිවසේ සිට යූ ටියුබ්, ෆේස් බුක් හරහා ඔබට නැරැුඹීමට උදාකර දී තිබේ.

කසුන් රණවීර
ඡායාරූපය – සමන් රණවීර |

advertistmentadvertistment
advertistmentadvertistment