එස්ඩීඅයිජී දේශබන්දුත් පහර කයි

255

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ඊයේ (10 වැනිදා) පස්වරුවේ කොළඹ නවම් මාවත ප්‍රදේශයේදී විරෝධතාකරුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබූහ.

‘අපිට ගහන්න ඕඩර්ස් දුන්නේ කවුද? අපේ නිදහස් අරගලයට ගහන්න නියෝග දුන්නේ කවුද? යැයි විමසමින් විරෝධතාකරුවන් මෙම පහරදීම සිදු කර ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතා සිවිල් ඇඳුමින් සැරසී කොළඹ ගංගාරාමයට ආසන්න නවම් මාවත ප්‍රදේශයේ සිදුවීම් නිරීක්‍ෂණය කිරීම සඳහා තවත් දෙදෙනකු සමඟ එහි ගිය අවස්ථාවේ මෙම පහරදීමට ලක්ව තිබිණි. පොලු සහ හෙල්මට්වලින් විරෝධතාකරුවන් ඔහුට පහර දෙද්දී එයින් බේරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරියට දිවගිය ද රැස්ව සිටි පිරිස ඔහු පසුපස හඹා ගොස් පහර දෙන අයුරු දක්නට ලැබිණි.

මෙම පහර දීමෙන් හිසට සිදු වූ තුවාල සහිතව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ සවස් වරුවේ පොලිස් රෝහල වෙත ඇතුළත් කෙරුණු බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. පහර දුන් 3 ක් අත්අඩංගුවට

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු ඊයේ (10 දා) රාත්‍රි කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment