එස්.එම්.ගේ නිවසේ සුන්බුන් අතරින් මවගේ ඡායාරූපය හමුවෙයි

157

මට ඉතිරි මෙච්චරයි:  ඒ ඇති එස්. එම්. කියයි

කලහාකාරීන් විසින් නිවස ගිනි තබා විනාශ කිරීමෙන් අනතුරුව හිටපු කැබිනට් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා අනුරාධපුරයේ පිහිටා තිබූ එම නිවසේ සුන්බුන් නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී එම සුන්බුන් ගොඩේ තිබූ තම මෑණියන්ගේ ඡායාරූපයක් දැක දැඩි සංවේගයට පත් වූ ආකාරය දැක ගත හැකි විය.

පසුගිය 9 වැනිදා රට පුරා පැවැති කලහකාරී සිද්ධීන්ට සමගාමීව හිටපු ඇමැතිවරයාගේ අනුරාධපුර, මාතලේ හන්දියේ කුරුන්දන්කුලම පිහිටි නිවස සහ නිවස ඉදිරිපිට ඉදිකෙරෙමින් පවතින හෝටලයට කලහකාරීන් ගිනි තැබීමෙන් අනතුරුව ඉකුත් 20 වැනිදා ඇමැතිවරයා එම නිවසට පැමිණියේය.

මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ හිටපු ඇමැතිවරයා මෙසේ කීවේය.

“මැයි 9 දා මේ රටේ විශාල විනාශයක් කළ ත්‍රස්තවාදීන් මගේ නිවස අළු ගොඩක් බවට පත්කරලා තියෙනවා. මේවා ගිනි තියලා මේ අය හොයන විමුක්තිය මොකක්ද කියලා මම දන්නෑ. මගේ සියලුම දේපළ විනාශ වෙලා, නමුත් මට මගේ අම්මගේ ඡායාරූපය විතරක් ඉතුරු වුණා. ඒ ඇති.

මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment