එස්.එල්.සී. ආරාධිත පන්දුවාර විස්සයි විස්ස අවසන් මහා තරගය.. රෙඞ්ස් කණ්ඩායමට දැවැන්ත අභියෝගයක්

197

එස්.එල්. සී. ආරාධිත පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (24 වැනිදා* පැවැති අවසන් මහා තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් දසුන් ශානකගේ ගේ‍්‍රස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලූ 4ක් දැවී ලකුණු 201 ලබා ගැනීමට සමත්විය. එ අනුව එළැඹෙන විස්සයි විස්සයි ලෝක කුසලාන තරගාවලිය සහ දකුණු අපි‍්‍රකානු තරගාවලිය ඉලක්ක කරගනිමින් පැවැති මෙම තරාගවලියේ ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් පන්දු දිනේෂ් චන්දිමාල්ගේ රෙඞ්ස් කණ්ඩායම ඊයේ රාති‍්‍රයේදී 120කදී ලකුණු 202ක් ලබා ගැනීමේ දැවැන්ත අභියෝගයට මුහුණ දෙමිනි සිටියේය.

තරගාවලිය පුරා අපරාජිතව පැමිණි ගේ‍්‍රස් කණ්ඩායම ඊයේ දිනයේදී රෙඞ්ස් පන්දු යවන්නන්ට දිගය හරහට පහර එල්ල කරමින් පන්දුවාරයකට 10.05ක් වශයෙන් දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගැනීමට සමත් විය. එහිදී සුපිරි ඉනිමක් කී‍්‍රඩා කළ මිනෝද් භානුක පන්දු 51කදී ලකුණු 74ක් ලබා ගනිමින් ගේ‍්‍රස් ලකුණු පුවරුව ඉහළ අගයකට ගෙන එ්මට වැඩි දායකත්වයක් සැපියීය. එම ඉනිමේදී හතරේ පහර 11කින් රෙඞ්ස් පන්දු යවන්නන්ට සංග‍්‍රහ කිරීමටද ඔහු වගබලා ගත්තේය.

ගේ‍්‍රස් පළමු කඩුලූ 2 මුලූ ලකුණු 33දී බිඳ වැටීමෙන් අනතුරුව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 82ක සම්බන්ධතාවක් එක් කිරීමට මිනෝද් භානුක සමගින් නවනිඳු ප‍්‍රනාන්දු සමත්විය. නවනිඳු ප‍්‍රනාන්දු පන්දු 36කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 47ක් ලබා ගැනීමට සමත්විය.

තරගාවලිය පුරා වැඩිම ලකුුණු ලාභියා බවට පත්ව සිටි නායක දසුන් ශානක ඊයේ දිනයේදී ලකුණු 48කින් ගේ‍්‍රස් ලකුණු පුවරුවට තම දායකත්වය සැපයීය. ඉම ඉනිමට පන්දු 17ක් පමණක් වැය විය.

රෙඞ්ස් කණ්ඩායම වෙනුවෙන් සාර්ථකත්වයට පැමැණි අකිල ධනංජය ලකුණු 24කට ගේ‍්‍රස් ඉනිමේ කඩුලූ 2ක් බිඳ දැමීය.

තරගාවලියේ ශුරතාව දිනා ගන්න කණ්ඩායම සඳහා රුපියල් මිලියන දෙකක මුදලක් ලබා දීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇති අතර අනුශූරතාව සඳහා රුපියල් ලක්ෂ 15ක් මුදලක් වෙන්කර තිබේ. තරගාවලියේ වීරයාට හිමි සම්මානය සඳහා රුපියල් ලක්ෂ දෙකක් සහ අවසන් තරගයේ වීරයා සඳහා රුපියල් පන්දු දහසක ත්‍යාග මුදලක් වෙන්කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment