එස්.එල්.සී. ආරාධිත පන්දුවාර විස්සයි විස්සේ වැඩිම ලකුණු ලාභීන් අතර දසුන් ඉදිරියෙන්

922

එස්.එල්.සී. ආරාධිත පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ අපරාජිතව ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ගේ‍්‍රස් කණ්ඩායම සමත්වෙද්දී තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වන්නට එහි නායක දසුන් ශානක සමත්වී තිබේ. එ් තරග 4කදී මුලූ ලකුණු 195ක් වාර්තා කරමිනි.

තරගාවලියේදී අර්ධ ශතක දෙකක් වාර්තා කිරීමට දසුන් ශානක සමත්වී ඇති අතර එහිදී ඔහුගේ වැඩිම ලකුණු ලෙස ලකුණු 84ක් වාර්තා වේ. තරගාවලිය පුරා 65.00ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සටහන් කර ගැනීමට දසුන් සමත්වී ඇති අතර එහිදී ඔහුගේ ප‍්‍රහාරක වේගය 177.27ක් ලෙස සටහන් වේ. මේ දක්වා තරගාවලියේදී හතරේ පහර 18ක් සහ හයේ පහර 10ක් දසුන්ගේ පිත්තෙන් එල්ලවී තිබේ.

තරගාවලියේද දෙවැනි වැඩිම ලකුණු ලාභියා ලෙස ගී‍්‍රන්ස් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස්ගේ නම සටහන් වන අතර කමිඳු තරග 4කදී මුලූ ලකුණු 193ක් වාර්තා කිරීමට සමත්වී තිබේ. එහිදී අර්ධ ශතක 3ක් වාර්තා කිරීමට කමිඳු සමත්වී තිබේ.

පැතුම් නිස්සංක තරග 4කදී මුලූ ලකුණු 145ක් වාර්තා කිරීමට සමත්වී ඇති අතර නිස්සංක වැඩිම ලකුණු ලාභි ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment