එස්. එල්. සී. ආරාධිත විස්සයි විස්ස අද ඇරැඹේ – දසුන්ගේ ‘ගේ‍්‍ර’ සහ පි‍්‍රයංජන්ගේ ‘ගී‍්‍රන්’ සමාරම්භයේදී ගැටෙති

739

එළැඹෙන දකුණු අපි‍්‍රකානු සංචාරය සහ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙස පැවැත්වීමට නියමිත එස්. එල්. සී. ආරාධිත පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය අද (12 වැනිදා) මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ. එ් අනුව තරගාවලිය ආරම්භ කරමින් ගේ‍්‍ර කණ්ඩායම සහ ගී‍්‍රන් කණ්ඩායම අද සවස 2.30ටත් බ්ලූ කණ්ඩායම සහ රෙඞ් කණ්ඩායම අද රාතී‍්‍ර 7.00ටත් තරග බිමට පිවිසීමට නියමිතව තිබේ.

එස්. එල්. සී. ආරාධිත විස්සයි විස්ස අද ඇරැඹේ - දසුන්ගේ ‘ගේ‍්‍ර’ සහ පි‍්‍රයංජන්ගේ ‘ගී‍්‍රන්’ සමාරම්භයේදී ගැටෙති

එස්. එල්. සී. ආරාධිත කි‍්‍රකට් තරගාවලිය ජාතික සහ පළමුපෙළ කී‍්‍රඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර එහිදී බ්ලූ, රෙඞ්, ගී‍්‍රන් සහ ගේ‍්‍ර ලෙස කණ්ඩායම් 4ක් තරග වැදීමට නියමිතය. එහිදී ගේ‍්‍ර කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමව ඇති අතර රෙඞ් කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ. ගී‍්‍රන් කණ්ඩායම අශාන් පි‍්‍රයංජන සහ බ්ලූ කණ්ඩායම ධනංජය ද සිල්වා විසින් මෙහෙයවනු ලබයි.

කෙසේ වෙතත් මෙම කණ්ඩායම් හතර සඳහා මීට පෙර නම්කර තිබූ සංචිතය ඊයේ (11 වැනිදා) වනවිට වෙනස් කෙරණු අතර කී‍්‍රඩකයින් හත් දෙනකු ශාරීරක යෝග්‍යතා පරික්ෂණය අසමත්වීම සහ තවත් කී‍්‍රඩකයින් තිදෙනකුට කොරෝනා අසාදනය වීම හේතුවෙන මෙම සංචිත වෙනස් කිරීමට පියවරගත් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කර සිටියේය.

වාර්තාවන අන්දමට තරගාවලිය සඳහා නම්කර තිබූ සඳුන් වීරක්කොඩි, ජෙහාන් ඩැනියෙල්, සංගීත් කුරේ, කුෂාන් ජයවික‍්‍රම, ළහිරු ගමගේ. අශාන් රන්දික සහ ලසිත් ඇඹුල්දෙණිය යන කී‍්‍රඩකයින් හත් දෙනා යෝග්‍යතා පරීක්ෂණය අසමත්වී ඇති අතර සචිඳු කොළඹගේ,

නිමේෂ් විමුක්ති සහ මොහොමඞ් ෂිරාස් යන කී‍්‍රඩකයින් තිදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. එ් අනුව මෙම කී‍්‍රඩකයින් 10 දෙනාට මෙම ආරාධිත තරගාවලිය අහිමිවන අතර අදාළ කණ්ඩායම් හතරේ හිස් වී කී‍්‍රඩකයින්ගේ අඩුව පිරිවීම වෙනුවෙන් ගී‍්‍රන් කණ්ඩායමේ කමිල් මිෂාර ගේ‍්‍ර කණ්ඩායම වෙතත්, ගේ‍්‍ර කණ්ඩායමේ ප‍්‍රභාත් ජයසූරිය රෙඞ් කණ්ඩායම වෙතත් මාරු කළ බවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වාර්තා කර සිටී.

මේ අතර එස්. එල්. සී. ආරාධිත කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න ඇතුළත්් වී නොමැත. නිමාවට පත්වූ බංග්ලාදේශ, එංගලන්ත සහ ඉන්දීය තරගාවලි කිසිවකට ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න,ළහිරි තිරිමාන්න, දිනේෂ් චන්දිමාල් සහ වේග පන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල් නම් නොකිරීමට වත්මන් කි‍්‍රකට් තේරීම් කමිටුව පියවර ගත්තේය. එංගලන්ත සංචාරය සඳහා මැතිව්ස් නම් කිරීමට තේරීම් කමිටුවේ සූදානමක් තිබුණද සිය පෞද්ගලික කාරණයක් හේතුවෙන් මැතිව්ස් එම තරගාවලියට තමන් නම් නොකරන ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවට දන්වා තිබිණි. කෙසේ වුවත් පසුගිය තරගාවලි කිසිවකට නම් නොකළ සුරංග ලක්මාල් සහ දිනේෂ් චනිදිමාල් මෙම ආරාධිත තරගාවලියට නම් කර ඇති අතර සුරංග ලක්මාල් එහිදී ධනංජය ද සිල්වාගේ නායකත්වය යටතේ තරග වැදීමට නියමිතව තිබේ.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment