එස්.එස්.පී. තොරතුරු කියයි… ගංජා ජාවාරමට ඇතිමලේ ඕ.අයි.සී. අත්අඩංගුවට

592

මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර සමග එක්ව ගංජා ජාවාරමේ නිරත වූ බවට චෝදනා එල්ල වී ඇති ඇතිමලේ පොලිස් ස්ථානාධිපති එම්. එම්. සංජය ධර්මදාස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (12 දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

ගංජා ජාවාරමට සහ නිධන් හෑරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටින මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ජාවාරම්වලට සම්බන්ධ වූ නිලධාරීන් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව සිදුකළ විමර්ශනයකදී ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

ගංජා ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.

හේමන්ත රන්දුණු, රවිඳු ගුණතිලක- බඩල්කුඹුර

advertistmentadvertistment
advertistmentadvertistment