එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ ලේකම් තනතුරට ඉල්ලූ අර්ජුනගේ නමට කැපිල්ලක්

243

එස්. එස්. සී. ක්‍රීඩා සමාජයේ ලේකම් තනතුර සඳහා එම ක්‍රීඩා සමාජයේ යාවජීව ගෞරව සාමාජිකයකු වන 1996 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනාව එම විධායක කමිටුව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

අර්ජුන රණතුංග මෙවර නිලවරණය සඳහා ලේකම් ධුරයට නාම යෝජනා භාර දුන් නමුත් විධායක කමිටුවේ ඇතැම් නිලධාරීන්ගේ අවශ්‍යතා මත තාක්ෂණික කරුණු යැයි පවසමින් ඔහුගේ නම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

නිලවණරය ලබන 24 වැනිදා පෙ.ව. 9 සිට එස්.එස්.සී. ක්‍රීඩා සමාජ පරිශ්‍රයේ දී පැවැත් වේ.

1979 වර්ෂයේ සිට එස්. එස්. සී. ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය දරන අර්ජුන රණතුංග මහතා 1996 වසරේ ලෝක කුසලානය දිනා ගන්නා විට ද එම ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කර තිබිණි.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment