එස්.එස්.සී. ක‍්‍රීඩා සමාජයට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් අධිබලැති තණකොළ කපන යන්ත‍්‍රයක්

245

එස්.එස්.සී. ක‍්‍රීඩා සමාජය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව අධිබලැති තණකොළ කපන යන්ත‍්‍රයක් ලබා දීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉකුත්දා පියවර ගනු ලැබීය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම යන්ත‍්‍රය භාර දීම එස්.එස්.සී. ක‍්‍රීඩා පිටියේදී සිදුවුණු අතර එහිදී අදහස් දක්වා සිටි ලේකම්වරයා, නුදුරේදීම අනෙකුත් ජාත්‍යන්තර

ක‍්‍රීඩාංගණවලටත් මෙම යන්ත‍්‍රය ලබා දීමට කටයුතු කරන බව සඳහන් කර සිටියේය.

එස්. එස්. සී. ක‍්‍රීඩා සමාජයේ සභාපති අයි. එස්. ද සිල්වා මහතා වෙත මෙම තණකොල කපන යන්ත‍්‍රය මොහාන් ද සිල්වා මහතා විසින් පිරිනමන ලද අතර එස්. එස්. සී. ක‍්‍රීඩා සමාජයේ ලේකම් වසන්ත විජේසේකර මහතා මෙන්ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික ලසන්ත වික‍්‍රමසිංහ සහ ජාතික ක‍්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථානයේ ප‍්‍රධානී කමල් ධර්මසිරි යන මහත්වරු ද සහභාගි වුහ.

advertistmentadvertistment
advertistmentadvertistment