එහෙට කුරක්කන් මෙහේට ගංජා

225

ප‍්‍රසන්න සිල්වා – දිඹුලාගල

 මැදිරිගිරිය ප‍්‍රදේශයට බෙදා හැරීමට ගෙන යමින් සිටි කේරල ගංජා තොගයක් හා ජංගම දුරකථන දෙකක් සහ රුපියල් එක්ලක්ෂ දාහත් දහස් හයසිය පනහක මුදලක්ද සමග සැකකරුවන් දෙදෙනකුද සිරිපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 කාලයක් පුරා මෙම සැකකරුවන් දෙදෙනා මැදිරිගිරිය ප‍්‍රදේශයේ සිට වැල්ලවායට කැබ් රථයකින් කුරක්කන් ප‍්‍රවාහනය කොට නැවත මැදිරිගිරිය ප‍්‍රදේශයට එන ගමනේදී ගංජා ප‍්‍රවාහනය කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. උතුරු මැද හා නැගෙනහිර පළාත් සම්බන්ධ කරමින් සිරිපුර පිහිටුවා ඇති පොලිස් හා යුද හමුදා ඒකාබද්ධ මාර්ග බාධකයේදී සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම දෙදෙනා පොලිසියට කොටුවී ඇත. වාහනයේ දොරෙහි ඉතා සූක්ෂ්ම ලෙස ඇසුරුම්කර තිබී ඇති මෙම කේරල

 ගංජා තොගය කිලෝග‍්‍රෑම් එකක් සහ ග‍්‍රෑම් නවසීයකි.

 සිරිපුර පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. එල්. විතානගේ, උප පොලිස් පරීක්ෂක ඒ. ජී. එස්. වික‍්‍රමසිංහ, පොලිස් සැරයන් (50586* ප‍්‍රනාන්දු, පො.කො. (71767* කුමාර, පො.කො. (93344* ජයතිලක, පො.කො. (71937* දිනේෂ්, 24 වන පාබල සේනාංක මූලස්ථානයට අයත් 241 වන පාබල බළසේනා මූලස්ථානය වෙතින් පාලනය වන 3 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් සෙ.එච්. (00256* සැරයන් කාරියවසම් යූ. ජී. ආර්. එස්. සෙබළ 3ත්‍ 03126 කෝප‍්‍රල් රත්නායක කේ. ඞී. ජී. සෙ/373135 ලාන්ස් කොප‍්‍රල් බණ්ඩාර ඩබ්. ආර්. ජී. කේ. යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment