එළවළු පාරිභෝගිකයාට යන විට ගිනිගණන්… බෙදා හැරීමේ නිසි ක‍්‍රමවේදයක් රජය හැදිය යුතුයි… සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත

206

ආර්ථික මධ්‍යස්ථානවල මේ දිනවල එළවළු මිල අඩු කර අලෙවි කළද එම එළවළු තොග පාරිභෝගිකයන් වෙත යෑමේදී එළවළු කිලෝවක් ඉතා අධික මිලකට අලෙවි වන බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

එළවළු පාරිභෝගිකයාට යන විට ගිනිගණන්... බෙදා හැරීමේ නිසි ක‍්‍රමවේදයක් රජය හැදිය යුතුයි... සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත
අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා

ඊයේ (08* දින නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ඒ බැව් පැවසීය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටින්නේ එළවළු බෙදා හැරීමේ ක‍්‍රමවේදයේ යම් ගැටළුවක් තිබෙන නිසා මෙසේ එළවළු මිල පාරිභෝගිකයන්ට වැඩි මිලකට අලෙවි වන බවත්, පවත්නා තත්ත්වය හමුවේ එළවළු අලෙවි කිරීමේ යෙදී සිටින්නේ එළවළු අලෙවි කිරීමේ ක්‍ෂෙත‍්‍රයේ අය නොවන බවත්, එළවළු වෙළෙඳාම මේ දිනවල සිදු කරනු ලබන්නේ කොවිඞ් නිසා රැුකියා අහිමි වූවන් බවයි. තවදුරටත් ඒ පිළිබදව අදහස් දක්වන අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථාන වහන එකෙන් ගොවියාට හා ව්‍යාපාරිකයට පාඩුවක් සිදුවන බවයි. එළවළු කල් තියා ගන්න බෑ. එදාම විකුණන්න ඕන. දවස් දෙකෙන් දෙකට ආර්ථික මධ්‍යස්ථාන අරින එකෙන් වෙන්නේ අනවශ්‍ය ලෙස එළවළු තොග ආර්ථික මධ්‍යස්ථාන තුළ ගොඩ ගැහෙනවා. ව්‍යාපාරිකයාට ඒවා විකුණ ගන්න බැරි වෙනවා. අවශ්‍යය ප‍්‍රමාණයට එළවළු යවා ගන්න පුළුවන් නම් මේ විදිහට එළවළු ගොඩ ගැහෙන්නේ නෑ. තොග වෙළෙඳාමට ආර්ථික මධ්‍යස්ථාන ඇරියා නම් හොඳයි කියලා තමයි අපි සංගමයක් හැටියට කියන්නේ. අපි වෙළෙන්දා ආරක්ෂා කරන්නත් ඕන ගොවියාව ආරක්ෂා කරන්නත් ඕන. ආර්ථික මධ්‍යස්ථාන මේ විදිහට වැසීම තුළින් ගොවියා ආරක්ෂා වෙන්නෙත් නෑ – ව්‍යාපාරිකයා ආරක්ෂා වෙන්නෙත් නෑ. එළවළු මිල මධ්‍යස්ථ මට්ටමක තමයි තියෙන්නේ.

 පත්තර, හා රූපවාහිනි නාළිකාවවල යනවා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල අඩුයි කියලා. නමුත් ඒක පාරිභෝගිකයට යන්නේ නැති ගැටළුවකුත් තියෙනවා. උදා වශයෙන් අපි මෙහෙන් කැරට් කිලෝ එකක් රු 80 ගත්තොත් කොළඹ විකිණෙන්නේ රු 180 – 200 මිලකට. බෙදා හැරීමේ ක‍්‍රමවේදයේ යම් කිසි ගැටළුවක් තියෙනවා. අපි රජයට කියන්නේ මේකට යම්කිසි වැඩපිළිවෙළක් යොදන්න ඕන. ඔවුන්ට පාස් එකක් දෙන්න ඕන. අනවශ්‍ය පුද්ගලයන් ගෙයින් ගෙට ගිහින් එළවළු වෙළෙදාම් කිරීම නිසා ව්‍යාපාර වැටිලා.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment