එළවළු මිලෙන් තරු විසිවෙයි

234

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සහ  පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළේ එළවළු මිල ඊයේ (19 දා) දිනයේ අධික ලෙස ඉහළ නැඟ තිබූ බව එම වෙළෙන්දෝ ‘දිවයින’ට පැවැසූහ.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් රුපියල් 650 ත් 700 ත් අතර මිලක්ද, මාළු මිරිස් රුපියල් 600-650, බෝංචි රුපියල් 280-300, ලීක්ස් 270, ගෝවා 340-350, බටු 220-250, තක්කාලි 300, ලීක්ස් 200-230 අතර මිලක් ගත් බව එම ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා ‘දිවයින’ට පැවැසීය.

එසේම පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ අමුමිරිස් කිලෝව 750-800, ලීක්ස් 250-270, කැරට් 360-380, බීට් 300-350, බෝංචි 420-450, ගෝවා 300-320, වම්බටු 280-300, මාළු මිරිස් 600-650, තක්කාලි 280-300 අතර මිලක් ගත් බව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සමිතියේ ලේකම් සමින්ද පීරිස් මහතා කීය.

මේ අතර පිටකොටුව පොදු වෙළෙඳ පොළේ අමුමිරිස් කිලෝවක් රුපියල් 1200 ක මිලක් ගත් බව එම වෙළෙන්දෝ පැවැසූහ.

නාරාහේන්පිට වෙළෙඳ මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් අතර මාළු මිරිස් කිලෝවක් රුපියල් 750 ක් ලෙසින්ද, පතෝල 480 ත් 550 ත් ලෙසින්ද, කැරට් 540 ක් ලෙසින්ද, ගෝවා 450 ත් 500 ත් සහ අමුමිරිස් 900 ත් 1200 ත් අතර මිල ගණන් දක්නට ලැබිණි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, නිරෝෂා වාසල, මාතලේ විශේෂ – නිමල් ගුණතිලක සහ සෝමචන්ද්‍ර යකන්දාවල
 

advertistmentadvertistment
advertistmentadvertistment