එළවළු මිල අධික ලෙස ඉහළ ගිහින්

194

ඉන්ධන අර්බුදය හේතුවෙන් එළවළු ප්‍රවාහනයට ඉන්ධන නිකුත් නොකිරීම හමුවේ දේශීය වෙළෙඳපොළේ එළවළු මිල යළිත් අධික ලෙස ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹ මැනිං වෙළෙඳපොළ ඇතුළු දිවයිනේ විවිධ ආර්ථික මධ්‍යස්ථාන සහ සංචාරක හෝටල්වලට අවශ්‍ය එළවළු තොග ප්‍රවාහනය කිරීමට නොහැකි වීම හමුවේ මෙසේ එළවළු මිල ඉහළ ගොස් ඇති බවත්, පවත්නා තත්ත්වය මත නුවරඑලිය එළවළු ගොවීන්ගේ අස්වැන්න අලෙවි කරගත නොහැකිව වගා භූමිවලම තිබීම නිසා පවතින අයහපත් කාලගුණයත් සමග එළවළු විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බවයි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.

පවතින එළවළු හිඟය හේතුවෙන් දේශීය වෙලෙඳපොළේ නයි මිරිස් කිලෝවක් රු. 1600, අමු මිරිස් රු. 1200, දේශීය අර්තාපල් රු. 550, මාළු මිරිස් රු. 850, කරවිල රු. 600, බෝංචි රු. 500, කැරට් රු. 400, වැටකොළු රු. 370, නෝකොල් රු. 320, තක්කාලි රු. 320, ගෝවා රු. 360, ලීක්ස් රු. 280, බිට්රුට් රු. 360, බණ්ඩක්කා රු. 360, රාබු රු. 160 ක් වැනි සිල්ලර මිලකට අලෙවි කරනු ලබයි.

පවතින අධික ඉහළ එළවළු මිල හමුවේ තම ව්‍යාපාර කටයුතු අඩාල වී ඇති බවයි හැටන් ප්‍රදේශයේ එළවළු සිල්ලර වෙළෙඳුන් කියා සිටියේ.

සටහන – නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment