එළවළු මිල  නහුතෙට නගී

288

දැනට රට පුරා පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට පැමිණෙන එළවළු ලොරිවල විශාල අඩුවීමක් පවතින බැවින් එළවළු මිල ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ඊයේ (15දා) ‘දිවයින’ට පැවසීය.

පසුගිය කාලයේ සිදුවූ පොහොර හිඟය නිසා එළවළු නිෂ්පාදනය දැඩි ලෙස අඩුවූ අතර මේ හේතුවෙන් ගොවීන්ද දැඩි අපහසුතාවට පත්වූ බව ඒ මහතා සඳහන් කළේය.

දැනට වෙළෙඳපොළේ පවතින එළවළු මිල ඉතා ඉහළ අතර අමුමිරිස් කිලෝවක් රුපියල් 700-800 ත් වේ. සෑම එළවළු වර්ගයකම ග්‍රෑම් 250 ක් රුපියල් 100 කට වඩා වැඩි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. අගමැති ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු නිලධාරීන් හමුවෙයි

රටේ පවතින ආර්ථික අර්බුද සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වා ඇත.

ධර්මසේන – වැලිපිටිය
 

advertistmentadvertistment
advertistmentadvertistment