එළවළු මිල පහත බැස්සත් අඩු මිලට විකුණන්න බෑ

186

එළවළු වෙළෙන්දෝ කියති

දේශීය වෙළෙඳ පොළේ එළවළු තොග මිල සැලකිය යුතු ලෙස පහත බැස තිබුණ ද එළවළු තොග අලෙවි මධ්‍යස්ථානවල සිට එළවළු ප්‍රවාහනය කර සිල්ලර මිලට එළවළු අලෙවි කිරීමේ දී ඉතා අඩු මිලට පාරිභෝගිකයන්ට එළවළු අලෙවි කළ නොහැකි බව හැටන් ප්‍රදේශයේ එළවළු වෙළෙඳුන් කියා සිටිති.

දඹුල්ල සහ කැප්පෙටිපොළ යන ආර්ථික මධ්‍යස්ථානවල සිට එළවළු ප්‍රවාහනය කිරීම සඳහා විශාල මුදලක් වැය වන බවත්, එසේ ප්‍රවාහනය කරන එළවළු තම වෙළෙඳ සැලට ගොඩ බෑමේ දී ඉතා ඉහළ නාට්ටාමි කුලියක් ගෙවිය යුතු බවත්, එසේ ප්‍රවාහනය කරන එළවළු ප්‍රවාහනයේදී විනාශ වන කොටස සහ අනෙකුත් වියදම් සමග සංසන්දනය කරන විට එළවළු අඩු සිල්ලර මිලකට පාරිභෝගිකයන්ට අලෙවි කළ නොහැකි බවයි හැටන් ප්‍රදේශයේ එළවළු වෙළෙදුන් කියා සිටියහ.

පවත්නා තත්ත්වය මත හැටන් ප්‍රදේශයේ කැරට් රු.120 , ගෝවා රු. 100 , රාබු රු. 120 , දඹල රු. 140 , බටු රු.140 , වට්ටක්කා රු. 240 , මෑ කරල් රු. 150 , මාළු මිරිස් රු. 800 , නයි මිරිස් රු. 800 , බණ්ඩක්කා රු. 250 , පතෝල රු. 100 යන සිල්ලර මිලකට අලෙවි කරනු ලබයි.

තවද බිත්තර මිල පාලන මිලට අලෙවි කිරීමට නොහැකි නිසා තමන් බිත්තර වෙළෙඳාමෙන් ඉවත් වී ඇති බව හැටන් ප්‍රදේශයේ බිත්තර අලෙවිකරුවන් කිහිපදෙනෙකු පැවසූහ.

ජායාරූප හා සටහන නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment