එළවළු මිල යළි ඉහළට

258

මාළු මිරිස් 720, බෝංචි 520, කරවිල 440, කැරට් 320, ගෝවා 280, නුවරඑළිය අල 400, අමු මිරිස් 700

එළවළු ගොවියාට අවශ්‍ය රසායනික පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය සහ ඉන්ධන නිසි පරිදි තවමත් නොලැබීම හමුවේ එළවළු ගොවියා පීඩාවට පත් වී ඇති බවත්, එවැනි තත්ත්වයක් මත දේශීය වෙළෙඳපොලේ එළවළු මිල යළිත් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ඒ බැව් පැවසීය.

“නුවරඑළිය ප්‍රදේශයේ මේ වනවිට වියලි කාලගුණ තත්ත්වයක් පවතින බවත්, ඒ අනුව එළවළු ගොවියාට ගොවිපළට වතුර ඉසීම සඳහා එම මෝටරවලට අවශ්‍ය ඉන්ධන බූලිවලට ලබාදීම සිදු කළ යුතු බවත්, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ගොවිපළේ සිට ප්‍රවාහනය කරන ලොරිවලට අවශ්‍ය ඉන්ධන නොලැබීම හමුවේ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලැබීමේ අඩුවක් පවතින නිසා එළවළු මිලද ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති වරයා කියා සිටී.

එළවළු තොග අඩුවෙන් ලැබීම හමුවේ දේශීය වෙළෙඳපොළේ මාළු මිරිස් කිලෝවක් රු. 720, කැරට් 320, ගෝවා 280, ලීක්ස් 200, බෝංචි 520, කරවිල 440, මල්ගෝවා 440, පතෝල 320, වැටකොලු 280, බණ්ඩක්කා 280, නුවරඑළිය අල 400, අමු මිරිස් 700, නෝකෝල් 240, නයි මිරිස් 2000 වැනි සිල්ලර මිලකට කිලෝවක් මේ දිනවල වෙළෙඳපොලේ අලෙවි කෙරේ.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment