එළවළු සහ මාළු මිල දෙගුණයකින් ඉහළට

258

එළවළු සහ මාළු මිල ගණන් ඊයේ (12 දා) වෙළෙඳ පොළේ සාමාන්‍ය මිල ගණන්වලට වඩා දෙගුණයකින් ඉහළ ගොස් තිබිණි.

ඒ අනුව බෝංචි කිලෝවක් රුපියල් 315 ක්ද, අර්තාපල් කිලෝවක් රුපියල් 215 ක්ද, වම්බටු කිලෝවක් රුපියල් 265 ක්ද, රතු ලූනු කිලෝවක් රුපියල් 325 ක්ද ලොකු ලූනු කිලෝවක් රුපියල් 295 ක්ද ලෙස මිල ඉහළ ගොස් තිබිණි.

පෑලියගොඩ මාළු වෙළෙඳ පොළේ ද මිල ගණන් ඊයේ ඉහළ ගොස් තිබුණේ මෙසේය.

කොප්පරා කිලෝවක් රුපියල් 1600 යි, තෝරා කිලෝවක් රුපියල් 2000 යි. ගල්මාළු කිලෝවක් රුපියල් 1000 යි. පරා කිලෝවක් රුපියල් 1200 යි. තලපත් කිලෝවක් රුපියල් 1250 යි. බලයා කිලෝවක් රුපියල් 550 යි. සාලයා කිලෝවක් රුපියල් 280 යි.

advertistmentadvertistment
advertistmentadvertistment