එළවළු හිඟය නිසා ඉදිරියේදී සංචාරක ක්ෂේත‍්‍රයට දැඩි බලපෑමක් සිදුවේවි

135

සංචාරක ක්ෂේත‍්‍රයට අවශ්‍ය එළවළු හි`ගයක් මේ දිනවල පවතින නිසා ඉදිරියේදී සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවීමේ අවදානමක් පවතින බව නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මාධ්‍යයට විශේෂ ප‍්‍රකාශයක් කරමින් අරුණ ශන්ත හෙට්ටිආරච්චි මහතා ඒ බැව් පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ

කොවිඞ් වසංගතය නිසා සංචාරක කර්මාන්තය කඩා වැටිලා තියෙනවා. රට දැන් යථා තත්ත්වයට පත්වෙමින් තියෙනවා. සංචාරක හෝටල් විවෘත වෙමින් පවතිනවා, පිටතින් සංචාරකයන් එමින් පවතිනවා. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය ආහාර නිපදවීමට එළවළු දැඩි හි`ගයක් තියෙනවා.

එළවළු දැඩි හිගයක් ඇති වෙමින් පවතිනවා, සංචාරක කර්මාන්තයට අවශ්‍ය එලවළු දැඩි හිගයක් තියෙනවා.

උදාහරණ වශයෙන් අයිස්බර්ග්, තයිම්, පාස්ලි, සැල්දිරි, බ‍්‍රකෝලිං, ෆෙනල්, බැසිල්, හර්බ්ස්, බෙල්පෙපර් වැනි දේවල් රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නැති නිසා දැඩි හ`ිගයක් පවතිනවා.

අද වන විට ලීක්ස් කිලෝවක් රු 200, අල කිලෝවක් රු 180, මෙහෙම වෙන්න හේතුව අවශ්‍ය වේලාවට පොහොර ටික ලැබුණේ නැති නිසා. තව මාස කිහිපයක් යනවිට එළවළු හොයාගන්න බැරිවෙන තරමට පත් වෙනවා.

නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment