එළැඹෙන උත්සව සමයේදී HNB කාඩ්පත් හිමියන්ටි ‘Shop with Joy’ හරහා සුවිශේෂී දීමනා

74
ගෞතමී නිරංජන් මහත්මිය ප්‍රධානී කාඩ්පත් අංශ HNB

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමයේදී ‘Shop with Joy’ හරහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන්ට සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් ලබා දීමට කටයුතු කර ඇත.

HNB ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පාරිභෝගික වෙළෙඳ සැල්, ස්වර්ණාභරණ සහ ඊ-වාණිජ්‍ය සන්නාමයන් මෙන්ම ඉතා ජනප‍්‍රිය අවන්හල්, සුපිරි වෙළඳසැල් සහ හෝටල් සමඟ අත්වැල් බැදගනිමින් ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට 2022 නොවැම්බර් 13 සිට 2022 දෙසැම්බර් 31 දක්වා කාලය පුරාවට 70% දක්වා වට්ටම් සහ මාස 60ක් දක්වා අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් ඇතුළුව ආකර්ෂණීය ප‍්‍රතිලාභ රැසක් තම කාඞ්පත් හිමියන්ට පිරිනමයි.

හැමදාමත් වගේ නත්තල් කාලය HNB අපට ඉතාමත් උද්යෝගිමත් කාලයක්. සෑම වසරකම අපි අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් සමඟ නත්තල් සමය උත්සවශ‍්‍රීයෙන් සමරනවා. මෙම සමයේදී පාරිභෝගික අවශ්‍යතා සපුරාලමින් පී‍්‍රතිමත් උත්සව සමයක් සහතික කිරීම වෙනුවෙන් දිවයින පුරා සිටින අපගේ පුළුල් වෙළෙඳ හවුල්කාර ජාලය තුළින් විවිධ දීමනා රැසක් අප පිරිනමනවා යනුවෙන් HNB කාඩ්පත් අංශ ප‍්‍රධානී ගෞතමී නිරංජන් මහත්මිය පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment