එළියට ආවේ – හෝල් එකේ ඉන්න ගජමෑන්මද? – ගාමින්ද උත්තර දෙයි

223

අපේ නමින් හොර යූ ටියුබ් චැනල් ගොඩයි

එදා පත්තරවල පිටු හැඩ වැඩ කරපු කැමිලස්ගේ ගජමෑන් මෙදා චිත්‍රකතා දෑසින් නොදැකපු අලුත් පරපුරට ඇවිදගෙන යන ගජමෑන් කෙනෙක් නිර්මාණය කරලා තිබෙනවා. ලෝකයේ චිත්‍රපටවල භාවිතා කරපු Motion Capture තාක්‍ෂණය යොදාගෙන පත්තරේ ඇඳපු ගජමෑන්ව ඇවිදින්න නිර්මාණය කළේ චානක පෙරේරා. මේ චිත්‍රපටයේ තිරපිටපත රචනා කරලා තිබෙන්නේ ගාමින්ද පියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද. මේ දවස්වල හෝල්වල ගැවසෙන ගජමෑන්ටත් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ඇවිත් තියෙනවා. හෝල්වල හිටපු ගජමෑන් අපේ කට්ටියගේ ෆෝන් වලටයි, ලැප්ටොප් වලටයි ඇවිල්ලලු. හැබැයි ඒ හෝල් එකේ ඉන්න ගජමෑන් නෙමෙයිලු. මේ කතාවේ ඇත්ත කතාව දැනගන්න හිතාගෙනම අපි ගාමින්ද පියවිරාජ්ට කතා කළා.

● ගාමින්ද පියවිරාජ් සම්බන්ධ වුණු ගජමෑන් චිත්‍රපටය මේ දිනවල අති සාර්ථක ලෙස තිරගත වෙනවා නේද?

එළියට ආවේ - හෝල් එකේ ඉන්න ගජමෑන්මද? - ගාමින්ද උත්තර දෙයි

ඔව්. ඇත්තටම ඒ ගැනව සතුටුයි. ලංකාවේ පළමුවැනි 3D ඇනිමේෂන් චිත්‍රපටය. ගොඩක් ප්‍රේක්‍ෂකයෝ ඒක වැළඳගෙන තිබෙනවා. ගොඩක් දර්ශන වාර හවුස් ෆුල්. විශේෂයෙන් සති අන්තයේ හැම සිනමාහලක්ම හවුස්ෆුල් වෙලා තිබෙනවා. ඒ ප්‍රතිචාරය ගැන බොහොම සතුටුයි.

● චිත්‍රපටය නිර්මාණය කරද්දී හිතුවද මේ විදිහේ රසික ආකර්ෂණයක් ලැබේවි කියලා?

මෙහෙමයි. මේ තරම් දෙයක් අපි හිතුවේ නැහැ. පළමුවැනි 3D ඇනිමේෂන් චිත්‍රපටය හැටියට යම්කිසි සාර්ථකත්වයක් ලැබේවි කියලා. මේකේ 3D ඇනිමේෂන් කරපු අධ්‍යක්‍ෂවරයාගේත් අදහසක් තිබුණා හොඳ තත්ත්වයකට ඒවි කියලා. මේ තරම් ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් ලැබේවි කියලා ඇත්තටම හිතුවේ නෑ. ගොඩක් විශේෂ දර්ශනවලදීත් විචාරකයෝ කිව්වේ මේක සති දෙකක් දුවයි ලක්‍ෂ 250 ක් විතර හම්බ කරාවි කියලයි. නමුත් සාමාන්‍ය ප්‍රේක්‍ෂකයෝ මේක ඉතාම හොඳින් වැළඳගත්තා.

● චූටි මල්ලියි පොඩි මල්ලියි වැඩ කරන්නේ නවක අධ්‍යක්‍ෂවරයෙක් සමගයි. ඒ ගැන මොකද හිතෙන්නේ.

ඔව්. ඇත්තටම අපි දෙන්නව තෝරාගත්තේ චානක පෙරේරා කියන අධ්‍යක්‍ෂකවරයා. ඔහු සිනමාව පිළිබඳ උපාධියක් ඔස්ටේ්‍රලියාවේ හදාරලා 3D ඇනිමේෂන් සම්බන්ධයෙන් බොහොම දැනුමක් තියෙන කෙනෙක්. ඉතිං ඔහු ගිහිල්ලා කැමිලස් පෙරේරා මහත්මයාගෙන් මේ චරිත ටික ලබාගත්තාට පස්සේ ඔවුන් තෝරාගෙන තිබුණේ ගාමින්ද – සුනෙත් කියන අපි දෙන්නව. මේකේ තිර රචනය, දෙබස් රචනය, හඬ කැවීම්, අධ්‍යක්‍ෂණය වගේම, හඬ කැවීම් සඳහායි අපේ දායකත්වය තිබුණේ.

● පැය දෙකක් ගජමෑන් සමග ඉන්න පාවිච්චි කළ උපක්‍රමයන් ගැන කතා කළොත්?

එළියට ආවේ - හෝල් එකේ ඉන්න ගජමෑන්මද? - ගාමින්ද උත්තර දෙයි

සාමාන්‍යයෙන් කවදාවත් අපේ නිර්මාණවල දෙපැත්ත කැපෙන වචන, කුණුහරුප කියන්නේ නැහැ. අපි දෙන්නා ප්‍රේක්‍ෂකාගාරයට වග කියනවා. ඩබල් මීනින් ඒවා අපි කියන්නේ නෑ. ඉතිං ඒ වගේම අපි මේ චිත්‍රපටයටත් ඒ වගේ දේවල් එකතු කළේ නෑ. ඒ වගේම අපි තාක්‍ෂණික වශයෙන් යම්කිසි දෙයක් කළා. කොහොම මොන මට්ටමෙන් නිෂ්පාදනය කළත් 3D ඇනිමේෂන් කාටුන් චරිතනේ මේකේ ඉන්නේ. අනික මේකේ සැබෑ මිනිස්සු නෙමෙයිනේ රඟපාන්නේ. එතකොට මේකේ ප්‍රේක්‍ෂකාගාරය රඳවාගන්න නම් ඉතා හොඳ ආකර්ෂණීය දෙබස් ටිකක් සහ සිද්ධි දාමයක් තියෙන්න ඕනෑ. ඉතිං එහෙම හිතලා අපි මේකේ ලොකු කතාවකට ගියේ නෑ. බොහොම සරල කතාවක් සහ ආකර්ෂණීය දෙබස් ටිකක් තමයි යොදාගන්න උත්සාහ කළේ. ඉතිං ඒක සාර්ථක වෙලා තිබෙනවා. මම හිතන්නේ ඒක තමයි ආකර්ෂණයට ප්‍රධාන හේතුව.

● පෝස්ටර් දැන්වීම් නැති වුණාට හෝල් හවුස්ෆුල් ඒක කොහොමද සිදුකරන්නේ?

මුලින්ම ප්‍රචාරණ කටයුතු කළේ සමාජ මාධ්‍ය හරහායි. මෙහි පූර්ව ප්‍රචාරක පටය එළිදැක් වූයේ අවුරුදු කිහිපයකට කලින්. ඊට පස්සේ මේ චිත්‍රපටය පෙන්වන්න තමයි හිටියේ. නමුත් මේ කොරෝනා ව්‍යසනය සහ රටේ ඇතිවෙච්ච ප්‍රශ්න නිසා සිනමාව නරඹන්න සුදුසු වාතාවරණයක් තිබුණේ නැති හින්ද අපි ඒ තිරගත කිරීම පොඩ්ඩක් පමා කළේ. ඉතිං ඒ පමාවත් එක්ක පූර්ව ප්‍රචාරක පට සෑහෙන්න ජනප්‍රිය වෙලා තිබුණා සමාජ මාධ්‍යවල. ඉතිං ඒකයි ඒ මාධ්‍යවලම ප්‍රචාරණ කටයුතු කළේ. එහෙම කළා කියලා චිත්‍රපටයක් දුවන්න බැහැ ජනප්‍රිය වෙන්නේ නෑ. ඊළඟට වුණේ නරඹපු අය තමයි අනෙක් අයව කැඳවාගෙන ආවේ. ඒක තමයි හොඳම ප්‍රචාරණ මාධ්‍ය. ඒකයි අපි හිතුවේ මේකට පෝස්ටර්, කටවුට් ගහන්න වුවමනා නෑ කියලා.

● අර්බුද රැසක් මැද්දේ චිත්‍රපටයක් හෝල්වලට දානවා කියන්නේ ලොකු අර්බුදයක් නේද?

එළියට ආවේ - හෝල් එකේ ඉන්න ගජමෑන්මද? - ගාමින්ද උත්තර දෙයි

සාමාන්‍යයෙන් හොඳ නිර්මාණයකට කොච්චර අර්බුද තිබුණත් සෙනග ඉන්නවා. අර්බුද ඇතිවෙන්න ඇතිවෙන්න තමයි මිනිස්සුන්ට කලාව කියන එක ඕනෑ වෙන්නේ. ඕනෑම කලාවකින් කරන්නේ එදිනෙදා ජීවිතයේ තිබෙන අනුපිළිවෙළ කඩාගැනීමයි. මම විශ්වාස කරන්නේ ඕනෑම කලාවකින් කෙරෙන්නේ මිනිස්සුන්ගේ ජීවත්වීමේ ආසාව ඇතිකරවීමයි. මොන ප්‍රශ්න තිබුණත් මිනිස්සු සරල වින්දනයට කැමැති වෙනවා. ප්‍රශ්නවලින් මිදෙන්න ඔවුන්ට තිබෙන එකම අවස්ථාව ඒක තමයි. ඕනෑම අමාරු කාලයක වුණත් මිනිස්සු මොනවා හරි දෙයකට පෙළඹෙන්න බලනවා.

● මේ වෙනකොට සමාජ මාධ්‍යවල ගජමෑන් කියලා චිත්‍රපටයක් සංසරණය වෙනවා.

ඒක ඇත්තටම හරි පිටපත නෙමෙයි. මේකට වර්ෂන්ස් කිහිපයක් ම තිබෙනවා. 2010 තමයි මේ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කළේ. එතකොට අවස්ථාවෙන් අවස්ථාවට කොටස් ඉවත් වුණා. එකතු වුණා. මුලින්ම ලියපු පිටපත නැවත අපිට වෙනස් කරන්න සිද්ධ වුණා. 3D ඇනිමේෂන් කරගෙන යනකොට ගොඩක් කාලය ගතවෙනකොටත් සමාජයේ තිබෙන සංසිද්ධීන් වෙනස් වුණා. ඒ අනුව දෙබස් වෙනස් වුණා. 2017 වසරේ විතර සම්පූර්ණයෙන් අවසන් කරපු නැති එකක් තමයි එළියට ගිහින් තියෙන්නේ. නිෂ්පාදන කටයුතු කරන තැනකින්ම තමයි මේක මම හිතන්නේ එළියට ඇවිත් තිබෙන්නේ. මේක නෙමෙයි ෆිල්ම් හෝල් එකේ පෙන්වන්නේ.

● මේ හින්දා ප්‍රතිචාර අඩු වුණාද?

අපිත් එහෙම හිතුවා. නමුත් ගිය සති අන්තය තමයි අපේ හොඳම සති අන්තය. හැම සිනමා ශාලාවේම හවුස් ෆුල් දර්ශන තමයි පැවැත් වුණේ. ඒකත් එක පැත්තකින් වාසියක් වෙලා තිබෙනවා.

එළියට ආවේ - හෝල් එකේ ඉන්න ගජමෑන්මද? - ගාමින්ද උත්තර දෙයි

● ගජමෑන් ව්‍යාජ පිටපත වෙනුවෙන් නීති මාර්ගයෙන් කටයුතු කරලාද තියෙන්නේ?

ඔව්. ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු අපරාධ විමර්ශන ඒකකය විසින් කරගෙන යනවා. දැනටත් කිහිපදෙනෙක් කැඳවලා තිබෙනවා පර්යේෂණ කටයුතුවලට කට උත්තර ගන්න. ඒ ගැන මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ. දැනටත් මේවා ෂෙයාර් කරන අයට ෆේස්බුක් ගිණුම් අහිමිවීම, යූ ටියුබ් චැනල් අහිමිවීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ගැනත් අපරාධ විමර්ශන ඒකකය කටයුතු කරනවා. ඒ කොහොම වුණත් ඒක බාගෙට හදපු පිටපතක්.

● ව්‍යාජ පිටපත හින්ද ගජමෑන් චිත්‍රපටයේ ප්‍රදර්ශන කටයුතුවලට අවාසියක් ඇතිවුණාද?

නරඹන්නන් වැඩිවෙලා තිබෙනවා. අනික චිත්‍රපටයක් බලනවා කියන්නේ ෆෝන් එකකින් හරි කොම්පියුටර් ස්ක්‍රීන් එකකින් බලන එක නෙමෙයි. අනිත් එක තමයි මේක 3D චිත්‍රපටයක්. 3D ග්ලාස් දෙකක් දාලා සිනමා ශාලාවක ඒ ශබ්දත් එක්ක බලන එක වෙනම කතාවක්. ගොඩක් අන්තර්ජාතික වශයෙන් එන චිත්‍රපට සතියක් දෙකක් යනකොට ඔය ටොරන්ට් වැනි ඒවායේ තිබෙනවා. නමුත් අපි සිනමා ශාලාවලට ගිහිල්ලනේ චිත්‍රපට බලන්නේ. සමාජ මාධ්‍යවල මේක බලන අය ගොඩක් වෙලාවට චිත්‍රපට ශාලාවලට ගිහිල්ලා චිත්‍රපට බලන අය නෙමෙයි.

දැන් ගජමෑන් චිත්‍රපටයේ තේමා ගීතය වන බොම්බේ මොටයි කියන ගීතය මිලියන දෙකකට ආසන්න පිරිසක් නරඹලා තිබෙනවා. චිත්‍රපටය තවමත් මිලියන දෙකක් නරඹලා නෑනේ. චිත්‍රපටය හෝල්වලට ඇවිල්ලා බලන්නේ වෙනම ප්‍රේක්‍ෂකයෝ පිරිසක්. කොහෙන් හරි මොකක් හරි බලන එකෙන් මට හිතෙන්නේ නෑ ලොක බලපෑමක් ඇති වෙනවා කියලා. ඒ කොහොම වුණත් මේක හොඳ වැඩක් නෙමෙයි.

● කවුරුහරි තරහට මේ වැඩේ කළා කියලා හිතනවද?

එළියට ආවේ - හෝල් එකේ ඉන්න ගජමෑන්මද? - ගාමින්ද උත්තර දෙයි

ඒක අපිට තවම දැනගන්න හදිසි වැඩියි. මේ ගැන තවම පරීක්‍ෂණයක් පැවැත්වෙනවා. මම දන්නේ නැහැ ඒකේ මේ අවස්ථාවේ තත්ත්වය මොකක්ද කියලා. ඉදිරියේදී අපිට ඒ ගැන දැනගන්න පුළුවන් වේවි.

● චූටි මල්ලි පොඩි මල්ලිගේ අලුත් වැඩ කටයුතු මොනවද?

අපේ යූ ටියුබ් නාලිකාව අතරමග නැවතිලා තිබුණා. අපි ඉදිරියේදී ඒක සක්‍රීය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතිං චූටි මල්ලි පොඩි මල්ලි CMPM කියන එක තමයි අපේ චැනල් එක. මොකද මම එහෙම කිව්වේ චූටි මල්ලි පොඩි මල්ලි කියලා චැනල් කිහිපයක් තිබෙනවා. ඒවා අපේ නෙමෙයි. අපේ නමින් ව්‍යාජ යූ ටියුබ් චැනල් ගොඩක් තිබෙනවා.

● චිත්‍රපටයේ වැඩ කටයුතු එහෙම කොහොමද?

කොරෝනා ව්‍යසනයට කලින් තමයි අපේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කළේ. කොරෝනා හින්දා දින 5 ක් විතර රූගත කිරීම් නතර කරන්න සිද්ධ වුණා. ඉතිං ඒ ටික ඉදිරි කාලයේ රූගත කරලා මේ අවුරුද්දේ අග විතර චිත්‍රපටය එළිදක්වන්න තමයි බලාපොරොත්තුව.

● මොකක්ද කරන තේමාව?

ඒක අපේ ජනමාධ්‍ය වන ටෙලිවිෂන් මාධ්‍යය හා සම්බන්ධ සිදුවීම් මාලාවක් ඇසුරෙන් රචනා කරපු, මම අධ්‍යක්‍ෂණය කරන, ප්‍රධාන චරිත චූටි මල්ලි පොඩි මල්ලි රඟපාන චිත්‍රපටයක්. ඊට අමතරව පූජා උමාශංකර්, සනත් ගුණතිලක, හේමාල් රණසිංහ, ජනක රණසිංහ වැනි අය රඟපාන චිත්‍රපටයක්.

එළියට ආවේ - හෝල් එකේ ඉන්න ගජමෑන්මද? - ගාමින්ද උත්තර දෙයි

● චූටි මල්ලි සහ පොඩි මල්ලි රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකාවලට දක්වන දායකත්වය අඩුද?

FM දෙරණ ගුවන් විදුලි නාලිකාවේ චූටි මල්ලි පොඩි මල්ලි නමින් අපේ වැඩසටහනක් දැන් අවුරුදු ගණනාවක ඉඳලා විකාශනය වෙනවා. ඒක හැමදාම සවස 4.00 සිට 6.00 වෙනකම් විකාශය වෙනවා. ඊට අමතරව අපේ යූ ටියුබ් නාලිකාව එක්ක තමයි කටයුතු කරන්නේ. විශේෂයෙන් ම අපි පසුගිය කාලය වැඩිපුර ගත කළේ සිනමා නිර්මාණ දෙකත් එක්ක. එකක් ගජමෑන්, අනෙක් එකට තවම අපි නමක් යොදලා නෑ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment