එළියේ කරන අරගල සරසවි ඇතුළේ බැහැ කැම්පස් රැග් නතර විය යුතුයි: පිටුදැකිය යුතුය

346
  • සරසවි ඇදුරු සභාපති

සියලුම විශ්වවිද්‍යාලවල සිදු කරන නවක වධය නතරවිය යුතු මෙන්ම එය පිටුදැකිය යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය බී. එම්. එච්. එස්. කේ. බන්නැහැක මහතා පැවසීය.

විශ්වවිද්‍යාල තුළ නවක වධය සිදුකරන සහ නවක වධයට විරුද්ධ වන ලෙස කණ්ඩායම් දෙකක් තිබිය නොහැකි බවත් සියලුම සිසුන් එක් කණ්ඩායමක් ලෙස එක්වී නවක වධය වැළැක්වීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා කීය.

විශ්වවිද්‍යාල තුළ සියලුම සිසුන්ට සමාන අයිතිය තිබිය යුතු බවත් ඔවුන්ට ඕනෑම දේශපාලන මතයක් දැරීමට, ඕනෑම ස්ථානයක රැඳී සිටීමට සහ ක්‍රියා කිරීමට ඇතුළු සම අයිතිය තිබිය යුතු බවත් බන්නැහැක මහතා කියා සිටියේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණක් නොව අනෙකුත් විශ්වවිද්‍යාලවල ද නවක වධය තිබෙන බවට දැනගන්නට ඇති බවත් මෙය නතර කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

රටේ පවතින විවිධ කාරණා හේතු කරගෙන සිසුන් විශ්වවිද්‍යාලයෙන් පිටතදී කරන අරගල විශ්වවිද්‍යාලය තුළ සිට කිරීමට උත්සාහ දරන අවස්ථා දක්නට ලැබෙන බවත් එවැනි දේ කිරීමට යෑම කිසිසේත් අනුමත නොකරන බවත් පැවසූ සභාපතිවරයා සිසුන් අතින් යම් වැරදි වනවානම් එය වටහාගෙන සුබවාදීව තම අධ්‍යාපන කටයුතු කරගෙන යන ලෙස ද ඉල්ලා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment