එ.ජා මහලේකම්ගෙන් ජනපති ඉල්ලු දෙය

244

වැඩිවන ණය පිරිවැය නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල සමස්ත ජනගහනය සඳහා ආහාර සැපයුම සහතික කිරීම වඩා දුෂ්කර වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඊජිප්තුවේ පැවැති පාරිසරික සමුළුවේ වටමේස සාකච්ඡාවේදී පැවසීය.එබැවින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සියලුම රටවල කෘෂිකර්ම ඇමැතිවරුන් ගේ රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගෙන් සහ ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර ඇත්තේ ඉහළ යන ආහාර හා පොහොර මිල දරා ගත නොහැකි වනු ඇති බවයි. ණය පොළී පිරිවැය ඉහළ යාමත් සමඟ බලපෑමට ලක් වූ රටවල් 48 හි ආහාර ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 9 ක් එකතු වන බවත් එහි සඳහන් වෙනවා. මෙයින් අදහස් කරන්නේ මෙම රටවල් වර්ග දෙකෙහිම ණය අර්බුදයට තීරණාත්මක විසඳුමක් අවශ්‍ය බවයි.””මේ තත්ත්වයට නිසි ලෙස මුහුණ දීමට දැනට කිසිදු පොදු සැලැස්මක් හෝ කේන්ද්‍රස්ථානයක් නොමැති බවයි පෙනෙන්නට තිබෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, COP, ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), ලෝක ආහාර වැඩසටහන (WFP) ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එක්ව එම කේන්ද්‍රස්ථානය ස්ථාපිත කළ යුතු වෙනවා.””2023 සහ 2024 ආහාර අවශ්‍යතා තක්සේරු කර ආහාර තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස මම COP27හි ප්‍රධානියා ලෙස ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටිනවා.””බහුආංශික අරමුදල් ප්‍රභවයන් සමඟ සමීපව කටයුතු කිරීම හා ගෝලීය ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා තිරසාර ණය සහන සැලැස්මක් කඩිනමින් සකස් කළ යුතුයි. මෙම සැලැස්ම 2023 පෙබරවාරි වන විට සකස් කර 2023 පළමු කාර්තුව අවසන් වන විට ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි.””මේ සඳහා අපි කඩිනමින් ක්‍රියා කළයුතුයි. එසේ නොවුනහොත් රටවල දේශපාලන හා සමාජ ව්‍යුහයන්ට සිදුවන හානිය නැවත පිළිසකර කළ නොහැකි වනු ඇති බව සඳහන් කරන්න කැමැතියි. එළැඹෙන COP28 සමුළුවේ දී ගෝලීය ආහාර සුරක්‍ෂිතතාව සහතික කිරීම සඳහා අප මධ්‍ය කාලීන සැලැස්මක් සම්පාදනය කිරීම අතිශයින් වැදගත් බව ද කිව යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment