එ.ජා මානව හිමිකම් සමුළුවේ දී ඉන්දීය සංවර්ධන ආකෘතියට පැසසුම්

93

ජිනීවා නුවර පැවති 52 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ දී ඉන්දියාවේ සංවර්ධන ආකෘතිය ප්‍රශංසාවට ලක් විය. එහිදී ඉන්දියානු අධ්‍යාපන ආකෘතිය ඉස්මතු කරමින් රාජ්‍ය නොවන සංවිධාන පැවසූවේ මෙය එක්සත් ජාතීන්ගේ සෙසු රටවල්ද අනුගමනය කරන ලෙස ඉල්ලා සිටින බවය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ සභාවේ සාමාජික සායි සමිපත් සිය වාචික දේශනය පවත්වමින් පැවසූ අදහස් මෙසේය. ඉන්දීය සමාජයේ නොසලකා හැර ඇති කොට්ඨාශයක් ලෙස සලකන දලිත් දැරියක් අද ජිනීවාහි ඉගෙනුම ලබනවා.ඇයට ඒ සදහා අවස්ථාව ලැබුනේ ඉන්දීය රජය විසින් පිරිනමනු ලැබූ රුපියල් කෝටිය ප්‍රදානයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඉන්දියාවේ මිලියන 200ක දාලිත් ජනතාවගේ හඩ නියෝජනය කිරීමට ලැබීම මට ගෞරවයකි.ජිනීවාහි ආචාර්ය උපාධියක් ලැබීමට ශිෂ්‍යත්වයක් ලබා දීම ගැන ඉන්දීය රජයට හෘදයාංගම ස්තුතිය පුද කරනවා. සමාජයේ නොසලකා හැරියේ ප්‍රජාවගෙන් එන අයෙක් ලෙස කුල බේදය සහ කොන් කිරීම හොදින් දැක තිබෙනවා.ඉන්දීය දාලිත් වරුන්ගේ තත්ත්වය අනෙකුත් අසල්වැසි රටවලට අයත් සුළු ජාතීන්ගේ තත්ත්වයට වඩා යහපත්ය. ඉන්දියාවේ පළමු ගෝත්‍රික කාන්තාව වන ජනාධිපති ද්‍රෞපති මුර්මා සහ අගමැති නරේන්ද්‍ර මෝදි අපගේ ව්‍යවස්ථාවේ බලය පිළිබඳ සාක්ෂියකි.විවිධ ප්‍රජාවන්ට සහ පසුබිම් වලට අයත් පුද්ගලයන්ට බාධක බිද දැමූ අවස්ථා නිර්මාණය කට හැකි බව මින් පෙනී යනවා.

මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ජිනීවාහි අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන වල ඉනිදියාවේ නිත්‍ය නියෝජිත තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහත්මිය සිය වාචික දේශනයේදී අදහස් දක්වමින් පැවසූවේ මෙසේය. මහත්මාගාන්ධි තුමාගේ මූලික සංකල්ප පහ වන අවිහිංසාව, සත්‍යග්‍රහය, සර්වෝදය,ස්වරාජ්‍ය සහ භාරකාරත්වය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය තුළ සහ මානව හිමිකම් විශ්වීය ප්‍රකාශනය තුළ මූලික මූල ධර්ම වී ඇත.එනිසා අපගේ අධ්‍යාපන ආකෘතිය ද ඒ සමග මුසුවී තිබේ.

ලිස්බේන් හි උපදේශකයෙක් වන මිගුවෙල් ග්ලාස් ද අදහස් දක්වමින් ඉල්ලා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන්දියානු අධ්‍යාපන ආකෘතිය යුරෝපයේ අනෙකුත් සාමාජික රටවලටද අනුගමනය කිරීමට යොමු කරන ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment