ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ රටක් ලෙස ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදයක් තුළින්ම ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදෙනවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුරෝපා සංගමයේ නියෝජිත පිරිසට පවසයි

267

ඉතිහාසයේ කිසිදු කාලපරිච්ෙඡ්දයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ලෙස ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදයක් තුළින්ම ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

 යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමග මිරිහානේ පිහිටි සිය පුද්ගලික නිවසේ ඊයේ (04දා) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

 යුරෝපා සංගම් ජීඑස්පී ප්ලස් (GSP+) ක‍්‍රමය යටතේ ශ‍්‍රී ලංකාව මේ වන විටත් එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් දක්වන අනුකූලතාව, ශ‍්‍රී ලංකාව සමග එක්ව වැඩ කිරීම සහ යුරෝපා පාර්ලිමේන්තුව ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන මතය පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීම මෙම සංචාරයෙන් දූත කණ්ඩායම අපේක්ෂා කරයි.

 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුරෝපා සංගම් නියෝජිතයන් කාලය මූලික කරගත් විසඳුමක අවශ්‍යතාව පෙන්වා දෙනු ලැබීය. සංචාරයේ දී අධ්‍යයනය කළ කරුණු පදනම් කරගනිමින් යුරෝපා කොමිසමට සහ යුරෝපා පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව දූත පිරිස සඳහන් කළහ.

 අවශ්‍ය කමිටු පත්කර ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්‍යවරයාටත්, නීතිපතිවරයාටත් උපදෙස් ලබා දී ඇති අතර ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට කඩිනම් පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය. එලෙසම වර්තමාන ලෝකයේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති එකඟතාවන්ට අනුව කටයුතු කරන බව ද ජනාධිපතිතුමා විසින් සඳහන් කරනු ලැබිණ.

 කොවිඞ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම සහ එමගින් රජය අපේක්ෂිත සම්පූර්ණ සැලසුම් ඉටු කර ගැනීමට එල්ල වූ බාධාවන් ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එසේ තිබියදීත් දීර්ඝ කාලීන යුද්ධය නිසා ඇති වූ ගැටලූ රැුසකට විසඳුම් ලබාදීමටත් උතුරු – නැගෙනහිර පළාත් සංවර්ධනයට සේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට රජය ගත් ක‍්‍රියාමාර්ග ජනාධිපතිවරයා පැහැදිලි කළේය. විශේෂයෙන් අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහන සැලසීමට සහ අතුරුදන් වූවන්ට වන්දි ගෙවීමට පියවර ගත් බව පෙන්වා දෙනු ලැබීය.

 රටේ අභ්‍යන්තර ප‍්‍රශ්න විසඳා ගැනීමට සහ රට ඉදිරියට ගෙන යෑමට දෙමළ දේශපාලන පක්ෂ, දෙමළ ඩයස් පෝරාවේ සිටින පිරිස සහ විදෙස්ගත සියලූ පාර්ශ්ව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ දී ද තමා සඳහන් කළ බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

 සිවිල් සංවිධාන සමග අන්‍යෝන්‍ය අවබෝධයෙන් ක‍්‍රියාකරන අතර ඒවායේ සහාය රටේ සංහිඳියාවට සහ දියුණුවට ලබාගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

 පසුගිය දෙවසර තුළ පැවති උද්ඝෝෂණවලට කිසිදු අවස්ථාවක බැටන් ප‍්‍රහාර, ජල ප‍්‍රහාර හෝ කඳුළු ගෑස් එල්ල නොකිරීමට උපදෙස් ලබාදුන් බවත් උද්ඝෝෂණ සඳහා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට වෙනම ස්ථානයක් වෙන්කළ බවත් පෙන්වා දෙනු ලැබිණ.

 රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කළ ද ඒවාට අවධානය යොමු නොවන අතර කුඩා සිදුවීමක් පාදක කරගනිමින් විවිධ පාර්ශ්ව සාවද්‍ය මතවාද ඇතිකිරීම කනගාටුදායක බව ජනාධිපතිවරයා පැවසීය.

 රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කටයුතු කිරීමටත් පෞද්ගලික අංශය වැඩිදියුණු කර රටේ සංවර්ධනයට දායක කරගැනීමටත් ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා දියුණු රටවල තාක්ෂණ ක‍්‍රමෝපායන් අනුගත කිරීමටත් පියවර ගනිමින් සිටින බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 මෙරට ප‍්‍රධානතම ජීවනෝපාය වන කෘෂිකර්මාන්තයේ ප‍්‍රවර්ධනය වෙනුවෙන් තාක්ෂණ සහ පුහුණු සහාය ලබාගැනීමෙන් රටේ ආර්ථික දියුණුව ළඟා කරගැනීමට ඇති හැකියාව ජනාධිපතිවරයා විසින් පැහැදිලි කර දෙනු ලැබිණ.

 රට ඉදිරියට ගෙන යන රජයේ සැලැස්ම පිළිබඳ කළ දීර්ඝ පැහැදිලි කිරීම පිළිබඳව දූත පිරිස ජනාධිපතිවරයා වෙත සිය ප‍්‍රසාදය සහ ස්තූතිය පළ කළහ.

 යුරෝපා කොමිසමේ ජ්‍යෙෂ්ඨ උපදේශක, වෙළෙඳ හා තිරසර සංවර්ධන, ඨීඡු සහ පාරිසරික ක‍්‍රියාකාරකම් වැඩසටහනේ වෙළෙඳ කටයුතු සඳහා වූ අධ්‍යක්ෂ ජනරාල් නිකොලොස් සයිමිස්, යුරෝපා කොමිසමේ බාහිර ක‍්‍රියාකාරි සේවයේ දකුණු ආසියාවේ අංශ ප‍්‍රධානි, අ ඕනිස් ජියෝග්කරාකිස් ආර්ජිරොපොව්ලොස්, කොළඹ පිහිටි යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ තානාපති, ඩෙනිස් චායිබි), ජීඑස්පී වෙළඳ සහනය පිළිබඳ සම්බන්ධීකාරක ගයිඩෝ ඩොලාරා, රැකියා, සමාජ කටයුතු – කම්කරු, සංචලන – ජාත්‍යන්තර ගැටලූ පිළිබඳ ඒකක ප‍්‍රධානි, අධ්‍යක්ෂ ජෙනරාල් ලූයී ප‍්‍රැට්ස් , ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප‍්‍රතිපත්ති නිලධාරි, මොනිකා බයිලේයිට්, විදේශ ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡුාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment