ඒකාබද්ධ යුද අභ්‍යාසයකට ඉන්දීය යුද හමුදාවේ 102 ක් මත්තලින් දිවයිනට

202

ඉන්දීය යුද හමුදාවේ නිලධාරීන් 18 දෙනකු ඇතුළු 102 ක් පෙරේදා (2දා) දහවල් ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් යානයකින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ‘දිවයින’ට පැමිණියහ.

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර අම්පාරේදී සති දෙකක් පුරා පැවැත්වෙන මිත‍්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා ඔවුන් මෙලෙස පැමිණ ඇත. ඉන්දියානු යුද හමුදාවේ කර්නල් ප‍්‍රකාශ් කුමාර්ගේ නායකත්වයෙන් පැමිණි එම පිරිස ඒකාබද්ධ යුද අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ බි‍්‍රගේඩියර් පී. එන්. ගොඩැල්ලවත්ත හා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයා විසින් පිළිගෙන තිබේ. ආරක්‍ෂක මණ්ඩලික ප‍්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ අධීක්‍ෂණයෙන් 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් නිශාන්ත මානගේ මෙහි කටයුතු මෙහෙයවයි.

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ විජයබාහු හා පාබල රෙජිමේන්තු භට පිරිස් සමඟ ඒකාබද්ධව මෙම අම්පාර සටන් පුහුණු පාසලේදී ජෛව බුබුලක් ලෙස කොවිඞ් වැළැක්වීමේ මාර්ගොපදේශ මත මෙම යුද අභ්‍යාස පවත්වනු ලබයි.

මත්තල – දිලිප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment