ඒකීය රාජ්‍යයක බලය බෙදන සාකච්ඡාව සාර්ථකයි – ජාතිවාදීන් මෙය විනාශ කරයි ද දන්නෑ – පලනි තිගාම්බරම්

147

ඒකීය රාජ්‍යයක බලය බෙදීම සඳහා වූ යෝජනා ඇතුළත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා සමග පෙරේදා (14 දා) පැවැති පක්‍ෂ නායක හමුවේ දී සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීමට හැකි වූ බව දමළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි තිගාම්බරම් මහතා “දිවයින”ට ඊයේ (14 දා) ප්‍රකාශ කළේය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත පළාත් සභා පනතේ ඉඩම් හා පොලිස් බලතල ක්‍රියාත්මක කිරීමෙන් රට බෙදීමක් සිදු නොවන බවද සඳහන් කළ මන්ත්‍රීවරයා රටට යහපත් මෙම යෝජනාවලිය කඩාකප්පල් කිරීමට ඇතැම් ජාතිවාදී දේශපාලන කණ්ඩායම් ක්‍රියා කරමින් සිටින බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පක්‍ෂ නායකයින්ගේ ද දැඩි අවධානයට ලක්වූවා. ජනාධිපතිවරයා අවංකවම ඊට මැදිහත් වන බව පෙනෙන්නට තිබුණත් ඇතැම් ජාතිවාදී දේශපාලන කණ්ඩායම් මෙය විනාශ කරයි ද කියන සැකය අපට තියනවා යැයි ද පා. මන්ත්‍රී පලනි තිගාම්බරම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment