ඒටීඑම් යන්ත‍්‍රවලට දැමීමට ගෙනා මුදල් පැහැරගත් රියැදුරු රිමාන්ඞ්

460

අත්අඩංගුවට ගත් වෑන් රථයේ ඡායාරුපයක්…

හැටන් නගරයේ පෞද්ගලික ප‍්‍රධාන බැංකුවට ඒ. ටී. එම්. යන්ත‍්‍රයේ තැන්පත් කිරීමට රැුගෙන පැමිණි රුපියල් හය කෝටි හැත්තෑ හතර ලක්ෂ දහ නවදහසක් හත්සියක මුදල රැුගෙන පලා ගිය වෑන් රථයේ රියැදුරු සහ මුදල් හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන (02* දින හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් ඒ. අයි. හෙට්ටිවත්ත මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුව මේ මස 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර එම මුදල අදාළ ආයතනය වෙත භාරදෙන ලෙස නියෝග කළහ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දියතලාව ප‍්‍රදේශයේ පදිංචි රුවන් කුමාර (42) නමැති දෙදරු පියෙකි.

සැකකරු ඉකුත් 01 දින මහනුවර ප‍්‍රදේශයේ සිට තවත් නිලධාරීන් දෙදෙනකු සහ ගිනි අවියක් සහිත ආරක්ෂක අංශ නිලධාරියකු සමග ගම්පොල, නාවලපිටිය, ගිනිගත්හේන යන ප‍්‍රදේශවල පෞද්ගලික බැංකුවල ස්ථාපනය කර තිබෙන ඒ.ටී.එම්. යන්ත‍්‍රවලට මුදල් තැන්පත් කර තිබේ. එහිදී හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවේ ඒ.ටී.එම්. යන්ත‍්‍රයට මුදල් බැර කිරීමට පැමිණ වෑන් රථයේ සිට නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරියා වෑන් රථයෙන් බැස යෑමත් සමග වෑන් රථයේ රියැදුරු වෑන් රථයේ තිබු මුදල් සමග පලා යමින් සිටියදී හැටන් පොලිසියේ නිලධාරින් විසින් සියළුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබිණි. එහිදී සැකකරු මුදල් සහ වෑන් රථය සමග මීපිලිමාන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කැප්පෙටිපොල රේන්දපොල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා සැකකරු වෑන් රථය සහ මුදල් හැටන් පොලිසිය වෙත භාරදී තිබුණි.

නුවරඑලිය – නාලක රත්නායක, මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක, හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment